පාස්කු ප්‍රහාරය ගැන කථාකරන්න එපා කියලද කියන්නේ ?

0
73

පාස්කු ප්‍රහාරය ගැන පසුගිය දිනක පැවැති පුවත් පත් සාකච්ජාවකදි කරුණු දැක්වු ශෙහාන් මාලක ගෙන මේ වන විට පිට පිට දින 3 ක් ප්‍රශ්ණ කර ඇති අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව යළිත් 4 වැනි දිනටත් හෙට (30) කැදවා තිබේ.
පාස්කු ප්‍රහාරය ගැන පැහැදිලි කුමන්ත්‍රණයක් බව රජයේ හිටපු නීතිපතිවරයා විසින් පවා කියන්නට යෙදුණි.
නිල කතෝලික සභාව මෙන්ම ප්‍රගතිශිලි කිතුණු කණ්ඩායම්ද එක් මේ කාලය තුල උත්සාහ කරන්නේ මේ කුමන්ත්‍රණයේ මහමොළකරුවන් කව්දැයි හෙළිකරන ලෙස රජයට බලකර සිටිමටය.
තතු එසේව තිබියදි රජය විසින් දැන් කරමින් සිටින්නේ ඒ් ගැන ප්‍රශ්ණ කරන්නන් පසුපස හඹා යමින් ඔවුන්ව පෙරළා ප්‍රශ්ණ කිරිමටය.
මේ පිළිබදව ඊයේ දිනයේ විශේෂ ප්‍රකාශයක්ද කතෝලික සභාව විසින් කරන්නට යෙදුනි.

පාස්කු ප්‍රහාරයට සාධාරණත්වය ඉටු කරගැනීම සඳහා වන අගරදගුරු පදවි කමිටුවේ සාමාජික,ගරු සිරිල් ගාමිනී ප්‍රනාන්දු පියතුමා,

දැන් මේ තරුණයා කරපු ප්‍රකාශයක් හේතුවෙන් තමයි මේ කැඳවීම කරලා තියෙන්නේ. නමුත් ඊට වඩා තොරතුරු ඊට වඩා තොරතුරු දන්නවා කියලා. පාස්කු විමර්ශන කොමිසන් සභාව පිළිඅරගෙන නිර්දේශ කරපු පුද්ගලයන් කිහිපදෙනෙක් සිටිනවා. ඒ දේවල් නොකර මේ විදියේ දෙවල් කිරීමෙන් දෙන්න යන පණිවුඩයක් තියනවා කියලා අපිට හිතෙනවා ඒ තමයි මේ පාස්කු ප්‍රහාරය හා සම්බන්ධයෙන් කතා කරන්නට එපා කියන එකයි. මෙන්න මේ මර්දනය නම් මේ ආරම්භ කරන්නට යන්නෙ. එහෙම නම් අපිට හොඳටම විස්වාසයි. අපි බලාපොරොත්තු වෙන මේ සදාරණත්වය යුක්තිය සහා මේ පාස්කු ප්‍රහාරයෙ පිටුපස තියන කුමන්ත්‍රරණයේ සුළමුළ සත්‍ය සොයා ගන්නට මේ විදියට නම් පුළුවන් වෙන්නෙ නෑ කියලා.

සිරිල් ගාමිණි පියතුමන්ගේ ප්‍රකාශය