දූෂිත ගණුදෙනු ගැන ලිපි ගොනු බලන්න මන්ත්‍රීලාට බැරිද?

0
435

සැප්තැම්බර් මහ සභාව යනු මිගමු පළාත් පාලන ඉතිහාසයේ දුෂිතම ගණුදෙනු,ටෙන්ඩර් රැසක් සහිත ඉතාමත් ආන්දෝලනාත්මක එකකි.එය දැනට අවස්ථාව දෙකකදි කල් දමා යළිත් සැප්තැම්බර් 14වෙනිදා යොදාගෙන ඇතැයි වාර්තා වේ.

පළාත් පාලන නීති ප්‍රකාරව මේ මහ සභා⁣වේ නි ල කාලය තවත් මාස කිපයකට පමණක් සීමා වි ඇති පසුබිමකදි,මෙවර නගරාධිපති වරයා සුදානමින් සිටින්නේ සිය පියා විසින් කරගෙන යන බිච් පාක් එක ඇතුළු තවත් ටෙන්ඩර් රැසක් වසර 3ක කාලයකට ටෙන්ඩර් නොකරම 5%ක් පමණක් වැඩිකොට නැවත ලබාදිමටය.

මෙවර වැඩිම කතා බහකට දැනටමත් ලක්ව ඇති අනෙක් ප්‍රධාන මාතෘකාව වන්නේ දැනට ඉදිකිරිම් ඇනහිට ඇති පුස්තකාල ගොඩනැගිල්ලේ ටෙන්ඩරයයි.

ඒ ටෙන්ඩරය තුලින් රුපියල් කෝටි ගණන වංචාවක් සිදුවිමට නියමිත යැයි දැනටමත් විපක්ෂයේ ප්‍රගතිශීලී මන්ත්‍රීවරුන් පිරිසක් කියා සිටිති.

මේ දුෂිත ගණුදෙනු ගැන අදාල ලිපි ගොනු විමර්ශනය කිරිමට නාගරික මන්ත්‍රීන්ට නිල අයිතියක් තිබුනද ඒ ගැන නාගරික ලේකම්ගෙන් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු පවසා ඇතැයි වාර්තා වුයේ ඒ අදාල ලිපිගොනුව නගරාධිපතිවරයා භාරයේ පසුවන බවය.

සැබැවින්ම එය නීති විරෝධි බව කියමින් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නාගරික මන්ත්‍රී කපිල නන්දසුලෝචන ලිපියක් මගින් ආදාල බලධාරින් සියලු දෙනා ම මේ වන විට දැනුවත් කර ඇතැයි අපි කල විමසුමකදි කියා සිටියේය.

පරිපාලන නිලධාරින් විසින් පළාත් පාලන නීතිය සහ ආදල රෙගුලාසි නිසි ලෙසින් ක්‍රියාත්මක කල යුතුව තිබුනද මිගමුවේදි සිදුවන්නේ දේශපාලන අධිකාරියේ බලපෑම නිසා සියල්ල උඩුයටිකුරුව තිබිමය.