වැඩි ජීවිත අවදානම් නිර්මාණය කළ එන්නතේ හමුදාකරණය ?

0
64


වැඩි ජිවිත අවදානම් සහිත වැඩිහිටියන් මෙන්ම අවයව බද්ධ කිරිම් ඇතුලු අවදානම් සහිත අය වෙත වඩාත්ම සුදුසු එන්නත් ප්‍රමුඛතාව ලබා දි විධිමත් වැඩ පිළිවෙලක් යටතේ ලබාදිමට එන්නත්කරනය අතට ගත් මෙරට මජර හමුදා පාලකයන්⁣ට නොහැකිවිම දැන් රටට සැබැවින්ම ශාපයක් වි ඇත.

⁣ගෝඨාබය හෝ ඔහුගේ හමුදා ලොක්කන් වසංගත ගැන හෝ එන්නත්කරණය ගැන දන්නා මලබෝලයක් නැත.
ඒනිසාම ඒ ගැන තතු දන්නා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන් එදා සිටිම එන්නත්කරණයේ ප්‍රමුඛතාව ගැන ඉතා නිවරදි රට හමුවේ තබා තිබුනි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම වෙනත් රටවල්ද එන්නත්කරණයේ සම්මත වැඩපිළිවෙළට යමින් වැඩි අවදානම් ඇති අය වෙත හොඳම එන්නත මුලින්ම ලාබාදිමට කටයුතු කර තිබුණි.

එසේ නොකල ලංකාවේ උද්දච්ච ජනාධිපති සහ ඔහු⁣ගේ හමුදා ලොක්කන් ගේ මෝඩ උද්දච්ච කම් නිසා අද වන මේ වැඩි අවදානමේ සහිත මෙරට ජනයා හමුවේ පැහැදිලි ජිවිත අවදානමක් මතුව තිබේ.
කොරෝනා පාලනය සම්බන්ධයෙන් ස්ථාපිත කොට ඇති විවිධ කමිටු වලින් වෛද්‍ය විශේෂඥයන් ඉල්ලා අස්විම හරහා ජනපති ඇතුළු හමුදා ලොකකන්ගේ එන්නතකරණ නිරුවත දැන් ලෝකයා හමුවේම හෙළිදරව් වි හමාරය.

මේ දක්වා දිනපතා මිය ගිය අයගෙන් වැඩිම පිරිස හැම දිනකම වැඩිහිටියන්ය.

හිටපු අගමැති ඉතා නිවරදිව කියා තිබුන පරිදි ලංකාව තුල සිදුව ඇති කොරෝනා මරණවලට ඉතා පැහැදිලි ලෙස මේ පාලකයන් වගකිව යුතුව තිබේ.