මීගමුවේ දුෂිත ටෙන්ඩර් ගණුදෙනු වලට අද එජාපය සහය දෙයිද ?

0
62

අද පැවැත්විමට නියමිත මිගමුව මහනගර සභාවේ මහසභා රැස්විමට මෑත ඉතිහාසය තුල වැඩිම ආන්දෝලනයකට තුඩු දුන් රු කෝටි ගණනින් වංචා දුෂණ සමගින් වු ටෙන්ඩර් ගණනාවක්ම අනුමැතිය සදහා ඉදිරිපත්විමට නියමිතය.
දැනට අතරමග නතර කර දමා ඇති පුස්තකාල ගොඩනැගිල්ලේ නව ටෙන්ඩර් මේ එක් දුෂිත ටෙන්ඩර් ගණුදෙනුවකි.
මෙයට අමතරව කුප්‍රකට බිච් පාක් ටෙන්ඩරයද වසර 3 ක් සදහා නගරාධිපති දයාන් ලංසාගේ පියා වෙත යළිත් වරක් පැවරෙන ටෙන්ඩර් ගණුදෙනුවද අද දිනට ඉදිරිපත් විමට නියමිතව තිබේ.
මේ දුෂිත ටෙන්ඩර් ගණුවෙණුවලට මිගමු එජාප සංවිධායක බෙන්ජමින්ගේ නායකත්වයෙන් යුතු එජාප බහුතරයක් දෙනා ලංසා පවුලට වාසි සැලසෙන ආකාරයෙන් කටයුතු කිරිමට නියමිතව ඇතැයි දැනටමත් චෝදනා එල්ලවන්නට පටන් ගෙන තිබේ.
මුදල් කාරක සභාවේදි එජාප නියෝජනය කරන නාගරික මන්ත්‍රින් දෙදෙනා විසින්ද මේ දුෂිත ගණුදෙනුවලට අනුමැතිය ලබාදි ඇතැයිද සැලය.