හමුදාකරණය වු එන්නත්කරණය සහ මොඩර්නා ගැටුම ?

0
107

හමුදාකරණය වු වසංගත පාලනය ලංකාව තුල දැනටමත් අර්බුද රැසක් නිර්මාණය කර හමාරය . ඒ් නිසාම ඇතැමුන්ට සිය ජිවිත වලින් පවා වන්දි ගෙවන්නට සිදුව තිබේ.
සෞඛ්‍ය විශේෂඥයන් විසින් වයස අවුරුදු 60 ට වැඩි අයට එන්නත්කරණ වැඩසටහන ආරම්භයේදිම ප්‍රමුඛතාවය ලබාදි කටයුතු කළ යුතු යැයි කියා සිටියද හමුදාකරණයට ලක්වු එන්නත්කරණ වැඩසටහන එය පිළිගත්තේ නැත.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම වෙනත් රටවල්ද අනුගමනය කළ මේ අත්‍යවශ්‍ය එන්නත්කරණ ප්‍රතිපත්තිය ලංකාව තුල හමුදා පාලකන්ගේ උද්ච්ච කම් මත වෙනස් කිරිම නිසාම මේ දක්වා කොරෝනා වසංතයට ගොදුරුව ජිවිත අහිමිව ගොස් ඇති 12500 කට අධික පිරිසකගෙන් වැඩිම පිරිස වු වැඩිහිටියන්ගේ ජිවිත අයිතිය මේ අනුව ඒ් උද්දච්ච හමුදා පාලකයන් විසින් බිලිගෙන තිබුණි.
අදටත් මේ අර්බුදය අවසන් නැත.

ඊයේ දිනයේ නාරාහේන්පිටදි ඇතිවු ගැටුම තවත් නිදසුනකි.

විශ්වවිද්‍යාල සිසුන් සඳහා මොඩර්නා කොවිඩ් මර්දන එන්නත ලබාදෙන බවට සඳහන් වීමත් සමග අද පෙරවරුවේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලට සිසුන් විශාල පිරිසක් පැමිණ තිබුණි.

කෙසේ වෙතත් මොඩර්නා එන්නත නොමැතිබවට රෝහල විසින් සිසුන්ට දැනුම් දීමත් සමග රෝහල අසළ උණුසුම් තත්ත්වයක් නිර්මාණය වි තිබුන අතර මෙහිදී සිසුන් සඳහන් කළේ කලින් දිනයේදි රෝහල මගින් විශ්විවිද්‍යාල සිසුන් වෙත මොඩර්නා එන්නත ලබාදී ඇති බවයි.

එහිදී සිසුන් හමුවේ කරුණු පැහැදිලි කළ නිලධාරියෙක් සඳහන් කළේ ගුවන් ගමන් බලපත්‍ර හිමි සරසවි සිසුන් වෙත එන්නත් ලබාදුන් බවයි.

කෙසේ වෙතත් මෙහිදී සිසුන් චෝදනා කළේ පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ට පමණක් එන්නත් ලබාදෙන බවයි.

එසේම එන්නත ලබාගැනීමට පැමිණෙන ලෙස සඳහන් කර තිබූ කැළණිය විශ්වවිද්‍යාලය මගින් නිකුත් කළ ලිපියක්ද මෙහිදී සිසුන් වින් පෙන්වනු ලැබීය.

මේ අතර යුද හමුදාව විසින් ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාදෙන්නේ උසස් අධ්‍යපනය සඳහා විදෙස් ගතවන සිසුන්ට පමණක් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පවසා සිටියි.

අදාළ එන්නත් ලබාගැනීම සඳහා විදෙස් ගතවන බවට වූ ලිපිලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්යය බව​ට යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේය.

දේශීය විශ්වවිද්‍යාල සඳහා යන සිසුන්ට මොඩර්නා හෝ ෆයිසර් එන්නත දෙන බවට මෙතෙක් තීරණයක් ගෙන නැති බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ​ය.

මින් පැහැදිලි වන්නේ ද එන්නත්කරණයට අදාල විද්‍යාත්මක ප්‍රවේශයක් තවමත් හමුදාකරණය වු මේ එන්නත්කරණ වැඩසටහනට නැති බවය.
ගණිතඥයන් අවැසි තැනට නැට්ටුවන් පැමිණ විට සිදුවිමට තවත් බොහෝ දේ අපට ඉදිරියේදිද අත්දකින්නට හැකිවනු ඇත.