ජවිපෙන් මිගමු රෝහලට උපකරණ තොගයක්

0
59

කොරෝනා පාලනය සඳහා අවැසි උපකරණ තොගයක් මිගමුව රෝහලට භාර දිමට ජවිපෙ ක්‍රියාකාරින් අද කටයුතු කර තිබුණි.

ආරක්ෂිත ඇඳුම් කට්ටල ඇතුලු මෙම උපකරණ මිගමුව රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිර්මලා ලෝගදාන් වෙත මිගමුව රෝහල තුලදි හිටපු ජවිපෙ පළාත් සභා මන්ත්‍රී මහින්ද ජයසිංහ ඇතුළු පිරිස විසින් භාර දෙන ලදි.

⁣⁣මෙම අවස්ථාවට මිගමු ජවිපෙ නගාරික මන්ත්‍රීවරුන් සහ ජාතික ජනබලවේගයේ දොස්තර හෙන්රි රොසයිරෝ ද එක්ව තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණ මීට පෙරද මිගමුව රෝහලට අවැසි ගොඩනැගිල්ලක් ඉදිකර දිමටද පියවර ⁣ගත්තේ.කොරෝනා පළමු රැල්ල ආරම්භයත් සමඟින්ය.