‘මී ගසක් වවන්න’ – කැල්ටන් වෙතින් ආරාධනයක්

0
149

කැල්ටන් සමූහ ව්‍යාපාරය විසින් පාරිභෝගික ඇගයිමේ දිනය නිමිති කරගනිමින් , පාරිභෝගිකයින් වෙත අද (08) උදෑසන අපූරු තිළිණයක් ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කළා. ඔවුන් එය හදුන්වා තිබුණේ ‘ලෙන්ගතුකමේ තිළිණයක්’ ලෙසයි. මීගමුව තෙල්වත්ත හන්දියේ පිහිටා ඇති කැල්ටන් ප්‍රධාන අවන්හලේ දී මෙම වැඩසටහන ආරම්භ කළ අතර කැල්ටන් පාරිභෝගිකයින් හට පළමු මී පැලය ප්‍රධානය කිරීම කැල්ටන් ආයතනයේ ප්‍රධාන කළමනාකරු ජයතිස්ස සිල්වා මහතා අතින් ආරම්භ වුණා. මෙම අවස්ථාවට එම ආයතනයේ ප්‍රධාන ව්‍යාපාර සංවර්ධන කළමනාකාරීණිය මධුෂිකා ත්‍රීමාන්න , අලෙවි විධායක අවිශ්කා පෙරේරා ඇතුළු කැල්ටන් කාර්්‍ය මන්ඩල සාමාජික සාමාජිකාවන් සහභාගී වු අතර පැල ප්‍රධානය අද දවස පුරාම කැල්ටන් සියලූම ශාඛා වලදී සිදුකිරීමට කටයුතු යොදා තිබෙනවා. පාරිභෝගික ඔබට අද දිනයේදී කැල්ටන් වෙතින් අගනා මී පැලයක් ත්‍යාගයක් ලෙස ලබාගත හැකියි.