නීතිපති පරාදයි ! මව්වරු දිනුම් !

0
127
251777513 10159359384216226 8519603297590644364 n
හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා ඉවත් කර ගැනීමට නීතිපතිවරයා කළ ඉල්ලීම කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පසුගියදා (නොවැ02) ප්‍රතික්ෂේප කළ බව ශ්‍රිලංකාබ්‍රීෆ් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි..

ඔහුට එරෙහි අධිචෝදනා තවදුරටත් ඉදිරියටත් පවත්වා ගෙන යාමක් හෝ සාක්ෂි මෙහෙයවීමක් නොකිරීමට නීතිපතිවරයා තීරණය කර ඇති බැවින් අධිචෝදනා පවත්වාගෙන නොයෑමට අවසර ලබා දෙන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ ලොහාන් අබේවික්‍රම මහතා අධිකරණයෙන් ඉල්ලා සිටි බවද වැඩිදුරටත් එම පුවතේ සදහන්ය.

විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පැවරීමෙන් පසුව යම් විත්තිකරුවෙකුට එරෙහිව පවතින අධිචෝදනා ඉල්ලා අස් කර ගන්නේ නම් නීතිපතිවරයා පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිට හෝ ඔහුගේ අත්සන සහිතව ලිඛිතව ඉල්ලීම කළ යුතු බව අධිකරණය අවධාරණය එහිදි අවධාරණය කර ඇත.

විනිසුරු මඩුල්ල එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ, තම අධිකරණය හමුවේ වාචිකව කරන එවැනි ඉල්ලීමකට අවසර ලබා දිය නොහැකි බව පෙන්වා දෙමිනි.

021021 FDLpIZqXEAIkksR scaled

තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරිම ඇතුළු අධිචෝදනා යටතේ පවරා ඇති නඩුවේ 14 වැනි විත්තිකරු වන්නේ වසන්ත කරන්නාගොඩ මහතායි.

මේ අතර අතුරුදන්වූ තරුණයින් 11 දෙනාගේ ඥාතීහු පසුගිය නොවැම්බර් (02) උදෑසන නීතිපතිවරයා මුණ ගැසීමට අලුත්කඩේ නීතිපති දෙපාර්තුමේන්තුව වෙත පැමිණියහ.

එම අවස්ථාවෙදී පොලීසිය ඔවුන්ව වැළැක්වීමත් සමග මෙම පිරිස එම දේපාර්තුමේන්තුවේ පිවිසුම් මාර්ගයේ රැඳී විරෝධතාවක නිරත වි තිබුණි.

මුලාශ්‍ර NewsFirst,
srilankabrief,
theleader.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here