අප්‍රේල් 21 නැගුනු බෝම්බ හඬ අභිබවමින් නැගෙන ජනතා හඬ…

0
121

IMG 20211121 WA0074
IMG 20211121 WA0058
IMG 20211121 WA0057


අද ස්ථාන දෙකක අප්‍රේල් 21 සිදුවූ මිනිස් ඝාතනයට එරෙහි උද්ඝෝෂණ දෙකක් පැවැත්වින. එකක් පැවැත්වූයේ මීගමුව තම්මි⁣ට දේවස්ථානය ඉදිරිපිටය. අනික් උද්ඝෝෂණය කටුවපිටිය දේවස්ථානය ඉදිරිපිටය. සවස 5.30 ට පැවැත්වූ පූජාවෙන් පසු මියගිය සියළු දෙනාගේ නම සටහන් වූ ඵලකය ඉදිරිපිට මල් තබමින් ඔවුන් සිහිපත් කරමින් ඉටිපහන් දැල්වීමක්ද කරන ලදී .

පවතින වසංගත තත්ත්වය ද නොසළකා විශාල ජනතාවක් දේවස්ථානයට එක්ව තිබින. එය⁣ට ප්‍රධාන හේතුව වූයේ එදා මරණයට පත්වු එම ජනතාව වෙනුවෙන් වසර දෙකක් ගතවී ඇති නමුත් , තවමත් ඊට අදාල යුක්තිය ඉටු නොවීමයි.
මෙම නිහඬ උද්ඝෝෂණයේදී අදහස් දැක්වූ සරත් ඉද්දමල්ගොඩ පියතුමා ප්‍රකාශ කළේ …ආණ්ඩුව මෙම ප්‍රශ්ණය විසඳා මියගිය ජනතාව වෙනුවෙන් යුක්තිය ඉටුකරනවා වෙනුවට ඒ වෙනුවෙන් පෙනීසිටින පියතුමන්ලා සහ ගිහි නායකයින් බිය වද්දමින් ජනතා හඬ යටපත් කිරීමට උත්සාහ දරන බවයි.

තවදුරටත් අදහස් දක්මින් එතුමා ප්‍රකාශ කළේ ඉදිරියේදී වැඩි බලයක් සහිතව මෙම අපරාධයට යුක්තිය ඉටුකර ගැනීම වෙනුවෙන් පෙනී සිටින බවයි.

සිස්වාන් කෘෘස් පියතුමාද මෙහිදී ආණ්ඩුව මේ සඳහා විසඳුමක් ලබා නොදීම ගැන අදහස් දැක්වීය.
කෙසේ නමුත් ආණ්ඩුව තවදුරටත් ඇල් මැරුනු පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් ජනතාව සහ සියළු සංවිධාන සමග එකතුවී ප්‍රබල විරෝධතාවයක් එල්ල කළ යුතුව ඇතැයි විරෝධතාවයට එක්ව සිටි සිවිල් ක්‍රියාකාරිකයෙකු මිපුර අමතා කියා සිටියේය.
එසේ නොවන්නේ නම් ප්‍රහාරකයා ඊලඟ පියවරේදී තවත් කුමන හෝ වෙස් මුහුණක් පැළඳ ඔබ ඉදිරියට පැමිණිමට ඉඩක් ඇතැයිද ඔහු අවධාරනය කලේය.
මෙම උද්ඝෝෂණය සූදානම් කර තිබුනේ ‘ ‘මීගමු ජනතා හඬ’නම්වූ සංවිධානය සහ මීගමු පුරවැසි කමිටුව යන සංවිධාන ඇතුළු සංවිධාන කිහිපයක මැදිහත් වීමෙනි.

IMG 20211121 WA0084
IMG 20211121 WA0085
IMG 20211121 WA0073




LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here