අනුන්ගේ බත්පත රසකරන්න හැමදාම වතුරට තෙමෙන ජීවිත..

0
167

අපේ බත් පිඟාන රසවත් කරන මාළු රැගෙන ඒම සඳහා ධීවරයා කොතරම් වෙහෙසක් දරන්නේද යන්න ඔවුන්ගේ දින චරියාව විමසා බැලීමෙන් පැහැදිළිවේ.
පාන්දර 2.00 ක වනවිට නගරයට ආසන්න පාරවල් වල කඩිමුඩියේ දැල් සහ අනෙකුත් ආම්පන්න ඔසවාගෙන එහෙ මෙහෙ යන ධීවර ජනයා අපට දැකගත හැක.
ඔවුන් අවදි වන්නේ අපි නිදිසුව විඳිමින් , සිහින දකිමින් සිටින අවස්ථාවකය.
මුහුදට යන ධීවරයා දැල එලා මාළු එම දැලට කොටුවන තෙක් බලාසිටී. එසේ බලා සිටියද මාළු නැති අවස්ථාද එමටය. අල්ලා ගත් මාළු ගොඩට ගෙන ඒමෙන් පසු දැල් බේරා ගැනීම, ඒවා විකුණා ගැනීම , දැල්වල ඉරුනු තැන් මසා ගැනීම ආදී කුදුමහත් කටයුතු රැසකට මුහුණ දීමට සිදුවේ.



මේ දවස්වල කාලගුණෙත් හරි හරියට මේ ධිවරයන්ට හිරිහැර කරනවා. දියඹෙ ඉදන් ආපු වතුර කදක් හින්ද එදා මාළුත් මගඇරලා .
අද ( 27) මාළු අල්ල ගත්ත ප්‍රමාණය අඩු වුනත් , මිල වැඩි නිසා එතරම් ප්‍රශ්නයක් නැති බව ධීවර කණ්ඩායම් පවසයි . නමුත් ඔවුන්ට නිතර විවිධ ගැටළු වලට මුහුණ දීමට සිදුවේ. පිටින් රැගෙන එන මාළු නිසා මිල පහළ වැටීම, දේශගුණික විපර්යාසයන් නිසා මුහුදට යාම අපහසු වීම,තහනම් දැල් ආම්පන්න ආදිය මත රස්සාව දුෂ්කර වන තත්ත්වයක්ද පැවතීම ආදියයි .

මෙම සියළු ප්‍රශ්න සඳහා විසඳුම් ලබාදිය යුතුය. නමුත් රජය හෝ අදාල බලධාරීන්ට සුළු ධීවරයා රැකගැනීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් නැත. එබැවින් ඔබේ ගැටළු පිළිබඳ අවබෝධයක් සහිතව වගකිවයුත්තන් දැනුවත් කළයුතු බව සියළු සුළු ධීවරයින්ට මතක් කර සිටින අතර අදාල බලධාරීන්ද බතට මාළු සපයන සුළු ධීවරයා රැක ගැනීම සඳහා මැදිහත් වන ලෙස අවධාරණය කරමු.
සැම්සන් ඥානසිරි