මන්ත්‍රි හොරු ගැන කථාවක් නිසා මිගමු අයවැය උණුසුම් වෙයි

0
122

මීගමු මහනගර සභාවේ අයවැය විවාදය මේ මොහොතේ සිදුවෙමින් තිබේ. මෙහිදි අදහස් දක්වමින් එජාප නාගරික මන්ත්‍රි සංගිත් පෙරේරා චෝදනා කර සිටියේ මේ ඉදිරිපත්ව ඇති අයවැයෙන් වැඩි ප්‍රතිලාභ මිගමුවේ බදු ගෙවන ජනතාවට නොවන බව කියමිනි.
එමෙන්ම ඔහු පසුගිය මහසභාවේදි ද අවධාරණය කර තිබුනේ මිගමු නාගරික මන්ත්‍රි මණ්ඩලයේ අතිබහුතරක් ගරු මන්ත්‍රිවරුන් නොව හොරු මන්ත්‍රිවරුන් බවය.,
ඔහු තවදුරටත් අවධාරණය කර තිබුනේ මිගමු මහනගර සභාවේ මන්ත්‍රින්ගෙන් 70% ක් ගරු මන්ත්‍රින් නොව හොරු මන්ත්‍රින් බවය.

අද දිනයේත් මහසභාව තුල මේ හොරු මන්ත්‍රින් ගැන කථාව මතුව තිබුන අතර ඒසේ කිම ගැන උරණ වු නාගරික මන්ත්‍රිවරුන් කෑසමින් සංගිත් මන්ත්‍රිවරයාට කථාව කරගෙන යාමට පවා බාධාකර තිබුණි.

මෙම උණුසුම් විවාදය මැද නගරාධිපතිවරයාද නාගරික මන්ත්‍රි සංගීත් හට බාධාකරමින් සිය කථාව අවසන් කරන ලෙස නියෝග කළ බව අප කළ විමසුමකදි කියා සිටියේය.

නාගරික මන්ත්‍රි සංගීත්ගේ කථාවේ ලින්කුව