දැන ගියොත් ”සුපර් මාර්කට්” ඔයා ගොඩ……

0
135

සාමාන්‍යයෙන් අපට කව්රු හරි දැන්විම් පත්‍රිකාවක් දුන්නොත් අපි ඒක ගන්නෙම මහ කරදරයක් වගේ. එත් පිටරටවලදි නම් මම දැකල තියෙන්නේ මිනිස්සු ලොකු උනන්දුවකින්  මේ වගේ පත්‍රිකා තියල තියෙන නැන් වලින් අරන් යනවා. විශේෂයෙන්ම සුපර්මාකර්ට් වලින්.
හේතුව තමයි විශේෂයෙන්ම සුපර්මාර්කට් වල  තෝරාගත්තු භාණ්ඩ වලට සැලිකිය යුතු තරමේ මිළ අඩුකිරිම් සහිත ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක විමයි.
මේ ගැන විශේෂ සටහනක් තබන්න මටත් හිතුනේ පසුගිය දවසක මීගමුවේ කොළඹ හලාවත පාරේ සුපර් කීල්ස් එකේදි මට ලැබුන අත්දැකිමක්.
මගේ හිතවතෙක් වෙච්ච එහි කළමණාකරු මේ දවස්වල එයාලගේ  මිළ අඩුකිරිම් ප්‍රවර්ධන වැඩසහන යටතේ ඇති අයිතමයන් කිපයක් ගැන අප දැනුවත් කළා. අපිත් ඒු අනුව කටයුතු කළා. ඇත්තටම රු 400 කට ආසන්න මුදලක ලාභයක් අපට ලබන්න හැකි වුණා.කික් කෝලා ලිටර් 1.5 බෝතලයක් රු 98 ක ලැබුණා EGB ලිටර් 1.5 බෝතලයක් රු 140 ක් මේ වගේ තවත් බඩු තොගයක්ම අඩු ගානකට ගන්න ලැබුනා.
එතකොට මතක් වුනේ එක එක සුපර්මාකර්ට්වල මේ විදියට බඩු අඩුවට දෙන්න විවිධ ප්‍රවර්ධනයන් ක්‍රියාත්මක වෙනවා නේද කියල. ඒ ගැන අධ්‍යයනය කරල මිළට ගැනිම් සැලසුම් කරගත්තොත් සැලකිය යුතු ලාභයකට හිමිකම් කියන්න පුළුවන්….