මට දෙමළෙන් කථා කරන්න ඕනේ.- සජිත්

0
70

ඇමරිකානු රජය ලංකාවට දෙනු ලබන ආධාරවලින් 20% ක් කපා හැර ඇත. ශ්‍රි ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්්ධයෙන් මතුව ඇති අර්බුදය ඒ හා සම්බන්ධය.
රජයේ ලොකු ලොක්කන් මේ සදහා විවිධ අර්ථ කථන සපයන්නට උත්සාහ ගනු ලබන අයුරු අුප මේ දිනවල දකින්නෙමු.
උගත් පාඩ්ම හා සංහිදියා කොමිසමේ නිර්දේශ අවංකව ක්‍රියාත්මක කරන්න මේ රජය කටයුත කරන බවක් ඇත්තටම පෙනෙන්නේ නැත.
මේ සම්බන්ධයෙන් කදිම සරල නිදසුනක් මීගමුව මහ නගර සභාවෙ පසුගිය මහසභා රැස්විමේදි මතු විය.
එනම් 26 දෙනෙකුගෙන් යුත් නාගරික මන්ත්‍රින් අතර  සිටින එකම දමිළ මන්ත්‍රිවරයා පවසා සිටිෙය් තමන් 2006 වසරේ සිට තමන්ට තමන්ගේ දමිළ භාෂාෙවන් සභාව ඇමැතිම සදහා තමන් ඉල්ලිම් කර තිබුනද මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් එයට ලැබි නැති බවය.
අද ලංකාව මුහුණ දි ඇති විදේශ රටවල් විසින්ද විසදා ලිය යුතු යැයි බල කර සිටින යථාර්ථයේ කදිම පිළිඹිඹුවක් සජිත් මෝගන් මන්ත්‍රිවරයා මගින් මීගමුවේදි එසේ මතුවි තිබේ.
එයට පිළිතුරු සැපයු නගරාධිපතිවරයාට අනුව එය විසදා ලිය නොහැකි විදයම් අධික තාක්ෂණික ප්‍රශ්නයකි. ඔහු එය දකින්නේ පරිවර්ථන පහසුකම් සැපයිමට ඇති දුෂ්කරතාව පිළිබදව අැති ගැටළුවක් ලෙසිනි.
එය මේ රටේ කේන්ද්‍රිය ප්‍රශ්නය මිස තවදුරටත් තාක්ෂණික ප්‍රශ්ණයක් නොවන බව තේරුම් ගැනිමට ඇන්ටන් ජයවීරලා ඇතුළු සැමට දහස් ගණනින් මිනිසුන් මිය ගිය තවත් යුද්ධ කියක් නම් අවැසිදැයි අපට අසන්නට සිදුවේ.