ප්‍රමිතියක් නැති කාණු හදපු අයට සල්ලි දෙන මිගමු කොමා ?

0
64

මිගමුව මහනගර සභාව විසින් මහජන බදු මුදල් ඇතැම් නිලධාරින්ගේ සහ දේශපාලකයන්ගේ පුද්ගලික බුදල් යැයි සිතා කටයුතු කරන ආකාරය පිළිබව දිනපතා කරණු වාර්තා වෙමින් තිබේ.
පසුගියදා මිගමුවේ එජාප සංවිධායක බෙන්ජමින්ගේ ඥාතිපුතෙකු විසින් පවත්වාගෙන යන සමිතියක් විසින් කැපුන්ගොඩ ප්‍රදේශයේ කාණුවක් ඉදිකිරිමට කොන්ත්‍රාත්තුවක් ලබාගෙන තිබුන අතර ආදල තාක්ෂණික නිලධාරින් එම කාණුව ප්‍රමිතියකින් තොර විම නිසා ඒ සදහා මුදල් ගෙවිමට නොහැකි බව දන්වා තිබුණි.,ඉන් කිපුන එජාප සංවිධායක බෙන්ජමින් නැමැත්තා මිගමුව මහනගර සභාව පැමිණ ඉසුරු නම් වු තාක්ෂණ නිලධාරියාට මැර තර්ජන එල්ල කරමින් මුදල් නොගෙවිම ගැන බැන වැදි ඇත,.
තතු මෙසේව තිබියදි මිගමුවේ සිටින තුන්වෙනි පංතියේ කොමසාරිස්වරිය මේ ප්‍රමිතියකින් තොර කාණුව සදහා කෙසේ හෝ මුදල් ලබාදිමට මේ දිනවල මහත් වෙහෙසක් දරමින් සිටින බව වාර්තාවේ .
මෙයට ප්‍රධාන හේතුව විය හැක්කේ එජාප සංවිධායක බෙන්ජමින් නැමැත්තා මේ වන විට ලංසා පවුලේ සුරතලෙකු බවට පත්ව සිටිම නිසා විය යුතුය.
මිගමුවේ කොමසාරිස්වරියගේ තුන්වෙනි පංතියේ වැඩ ගැන මේ වන විට බරපතල හෙළිදරව් විම් සිදුවෙමින් තිබේ.
එහි නවතම සිදුවිම වන්නේ රාජ්‍ය ආයතනයක් තුල පැවැති මත්පැන් සාදයකට ඇයද එක්ව සිටිමය.
ඇය එහිදි ෂැම්පේන් කැඩිමට දායක වන්නේ පින්තුරයක්ද මේ වන විට සමාජ මාධ්‍ය තුලින් හුවමාරු වෙමින් තිබේ

ෂැම්පේන් කඩන කොමසාරිස්නෝනා
රාජ්‍ය ආයතනයක මත් පැන් සාදය