මිගමුව ශා.මරියා හිටපු විදුහල්පති පියතුමාට තවත් චෝදනාවක් ?

0
92

විභාග වංචාවක් සිදුකර තිබිම හේතුවෙන් දැනට මිගමුව ශා. මරියා විදුහලේ විදුහල්පති කමින් ඉවත් කර ඇති ජයන්ත පියතුමා අනිතික ලෙසින් දිගින් දිගටම පාසැලේ කටයුතු වලට මැදිහත් වෙමින් ඇතැයි ලංකා ගුරු සංගමය බරපතල චෝදනාවක් කර තිබේ.විදුහල්පති පියතුමන් විසින් සිදුකර ඇති විනය විරෝධි ක්‍රියාවන් නිසා පාසැල් පරිශ්‍රය‌ට ඇතුළු විම පවා තහනම් කර තිබියදි අවස්ථා කිපයකදිම පියතුමන් පාසැල් පරිශ්‍රය‌ට ඇතූළු වි ඇතැයිද ලංකා ගුරු සංගමය චෝදනා කර සිටි.
එමෙන්ම මිගමුව අධ්‍යපාන කලාප අධ්‍යක්ෂකවරයා විදුහල්පති පියතුමන්ට පක්ෂග්‍රාහිව කටයුතු කරමින් සිටින බවටද ගුරු සංගමය විසින් චෝදනා කරමින් අධ්‍යාපන බලධාරින් වෙත ලිඛිතව දන්වා තිබේ.
හිටපු විදුහල්පති පියතුමන්ගේ පරිපාලනය ගැන මතවිමසුමක් මිගමු අධ්‍යාපන ලොක්කන් විසින් කරමින් ඇත්තේ ඇයිද යන ගැටළුවක්ද දැන් මතුව තිබේ.
මේ මත විමසුම සදහා යොදාගත් පොර්මය පහතින් පළවේ .