අබලන් කානුව අනතුරකට අතවනයි !

0
456
IMG 20211231 WA0018 1
IMG 20211231 WA0014

මීගමුව , ගලකටුව පාරේ ත්‍රිවිල් රථයක් ඉදිරියෙන් එන වාහනයකට ඉඩදීමට යාම නිසා අසල කානුවකට වැටෙන අයුරු දැක්වෙන රූපරාමුවකි මේ. මෙම පාර පටුය. දෙපැත්තේ ඇති කානුවේ දමාඇති කොන්ක්‍රීට් ලෑලි ගැලවී ගොස් ඇත .නමුත් එහි උඩින් තණ බිස්සෙන් සහ වෙනත් කැලෑ ගස්වලින් වැසීයාම නිසා වාහන වලට පාරේ පවතින එම තත්වය වටහා ගැනීම අපහසුය. එනිසා මෙවැනි ස්ථාන නිතර අනතුරු සිදුවීමට ඉඩ කඩ ඇති ස්ථාන බවට පත්වී ඇත .

කටාන ප්‍රාදේශිකයට අයි ති ගල්කටුව පාරේ ඉහතකී ස්ථානය කාලයක් තිස්සේ අබලන්ව පවතින ස්ථානයකි . නමුත් එහි වගකිවයුත්තන්ගේ අවධානය මේ අවධානම් ස්ථාන කෙරෙහි මෙතෙක් යොමු නොවීම කණගාටුවට කරුණකි .
අත්‍යවශ්‍ය නොවන සමහර පාරවල්, පාලම් , බෝක්කු පිළිසකර කිරීම් සිදුවන අතර තදින් අවශ්‍යතාවය පවතින ස්ථාන සකස් නොවන්නේ එ්වායේ පවතින කුමන හේතුවක් නිසාදැයි අප නොදනිමු. කෙසේ නමුත් සුළුවට සළකා මෙම කානු පිළිසකර නොකර සිටීමෙන් විශාල අනතුරු වලට පවා මුහුණ දීමට සිදුවිය හැක. එබැවින් ඉහතකී ස්ථානය යථාතත්වයට පත්කරන ලෙස අදාල වගවගකිවයුත්තන්ට අපි අවධාරණය කරමු.

සැම්සන් ඥානසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here