අන්තර් ආගමික කමිටුවෙන් සමගිය සහ සංහිඳියාව පදනම්වූ වැඩසටහනක් ….

0
128


ත්‍රී, මලය, මඩකලපුව , වැලිගම , මීගමුව යන ප්‍රදේශ මුලික කර ගනිමින් සූදානම් කර තිබුණු මෙම වැඩසටහන සඳහා සියළු ආගම් නියෝජනය කරන පූජක තුමන්ලා සහ එකී ආගම් නියෝජනය කරන ජනතාවද සහභාගි විය.
ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලයේ අනුග්‍රහයෙන් මීගමුව ප්‍රාදේශීය අන්තර් ආගමික කමිටුවේ මෙහෙයවීමෙන් හා සංවිධානයෙන් ක්‍රියාත්මක කළ සංහිඳියාව සඳහා අත්දැකීම් හුවමාරු වැඩසටහනක් දින තුනක් තිස්⁣සේ මීගමුව නගරයේ පැවැත්වින.
මෙහිදී 18, 19, 20 යන තෙදින තුළ විශේෂ වැඩසටහන් කිහිපයක් ඔස්සේ මෙම අත්දැකීම් හුවමාරු වැඩසටහන සකස්වී තිබිණ. මේ අනුව කටුවපිටිය දේවස්ථානයේ පාස්කු ප්‍රහාරයෙන් මියගිය අය සිහිපත් කිරීම, මීගමුව නගරයේ ප්‍රධාන විහාරස්ථානය වන අඟුරුකාරමුල්ල විහාරස්ථානය වෙත ගොස් එහි ආගමික කටයුතු සඳහා සම්බන්ධවීම වැදගත් විය.
එමෙන්ම 20 දින දුන්ගාල්පිටිය , ආරිය ලැගුන් හෝටලයේ සංස්කෘතික කටයුත්තක් ලෙස වීථිනාට්‍ය නැරඹීම , එකිනෙකා අතර සම්බන්ධතාව ගොඩනැගෙන ලෙස අදහස් බෙදාහදා ගැනීම තවත් වැදගත් අවස්ථාවක් විය.
පටු , පුද්ගලික අරමුණු සඳහා ⁣විවිධාකාරයෙන් බෙදාඇති සමාජය නැවත යථාතත්වයට පත්කිරීම ඉතා දුෂ්කර කර්තව්‍යයකි. රටක් ලෙස වසර ගනනාවක් තිස්සේ අප එහි භයානක ප්‍රතිඵල අත්වින්ඳෙමු . මීගමුව නගරයේ වුවද දේශපාලනිකව තම බලය පවත්වා ගැනීම සඳහා ජාතිවාදය සහ ආගම්වාදය දඩමීමා කරගන්නා ආකාරය අපි පසුගිය කාල වකවානු තුළ දැක ඇත්තෙමු . එවන් පසුබිමක් තුළ මෙවැනි ආගමික සහ ජාතික සමගිය සඳහා වන වැඩසටහන් තුළින් යම් සමාජ මෙහෙවරක් සිදුවන බව කිවයුතුය . එසේම එය අගය කළ යුතුය .

සැම්සන් ඥානසිරි