අනතුරු දායක වලවල් ගල්දමා වැසීම විසඳුමක් ද?

0
174

ගල්කටුව සහ තවත් අතුරු පාරවල් වල මේවනවිට අනතුරු දායක වලවල් රාසියක් නිර්මාණය වී ඇති අතර කුඩාවට තිබුණු වලවල් විශාල වීමෙන් ඒවා අනතුරු දායක තත්ත්වයට පත්වී ඇත .

කටාන ප්‍රාදේශීය සභාවෙන් කුඩා කළුගල් කැට දමා මෙකී සමහර වලවල් වසා දැමීම සඳහා කටයුතු කර ඇත . නමුත් මෙම ගල්කැට පාරපුරා විසිරීමෙන් පාරේ ගමන් කරන වාහන ලිස්සා යන තත්ත්වයක පවතින බව කිවයුතුය.

මාර්ග සංවර්ධනය පිළිබඳව මහ ඉහළින් කතාකරන , රටේ දැවෙන ප්‍රශ්ණ පසෙක තිබියදී පාරවල් හදන්නට ණය ගන්නා මේ ආණ්ඩුව හැදූ පාරවල් වල තත්ත්වය ගැන අමුතුවෙන් කිවයුතු නැත. සමහර පාරවල්වල ගැඹුරු පැළුම් දක්නට ඇත . ඊට අමතරව වලවල්ය.
අඩු වියදමකින් ගල් ටිකක් දමා මෙසේ වලවල් වසා තාවකාලිකව ප්‍රශ්ණය විසඳා ගැනීමට උත්සාහ කිරීමෙන් සිදුවන්නේ තව තවත් එය උග්‍ර තත්ත්වයට පත්වීම බව අපි මෙම මුග්ධ පාලකයින්ට අවධාරණය කරන්නෙමු .

සැම්සන් ඥානසිරි