කානු වසා ක්‍රියාත්මක වන යකඩ වෙළඳාමට වගකිවයුත්තන් නිහඬ ඇයි ?….

0
45

කොළඹ – හලාවත පාරේ , දළුපත, ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට ඇති යකඩ බඩු කඩයට අයිති, අනවසර ලෙස මලකෑ යකඩ වලින් ඒ අසළින් ජලය ගලා බසින ඇල මාර්ග අවහිර කර ඇත .
මීට පෙරද අප මේ පිළිබඳව අවධාරණය කරමින් ලිපි කිහිපයක් පළකලද , තවමත් එකී ජනතා විරෝධී කටයුත්ත දිගින් දිගටම සිදුවෙමින් පවතී .

ආරම්භයේදී කුඩා ඉඩ කඩක් තුළ පවත්වා ගෙන ගිය මෙම යකඩ කඩය අද විශාල ඉඩ කඩක යකඩ අබලි ද්‍රව්‍ය වලින් වසා පරිසරයටද හානිකර අන්දමින් මෙම කටයුත්ත කරගෙන යනු පෙනේ. මේ පිළිබඳව මීගමුව මහ නගරසභාවේ යම් සොයාබැලීමක් මුල් අවස්ථාවේදී තිබුණු නමුත් මේ වනවිට කිසිදු සොයාබැලීමක් දක්නට නැත .

මෙම ස්ථානයෙන් ගලා බසින ඇල දෙපා ඇලේ එක් ශාඛාවකි. දළුපත ඉන්ධන පිරවුම් හල ගොඩනගා ඇත්තේද මෙම ඇලට උඩින් ඇලද ගොඩ කරමින්ය. අප මේ ගැන මීටපෙර සඳහන් කර ඊට අදාල දේශපාලන බලධාරීන් සහ අනෙකුත් නිලධාරීන්ගේ මැදිහත් වීම ගැනද ලිපි පළකොට තොරතුරු තොරතුරු සහිතව දක්වා සිටියෙමු .

නමුත් මීගමුව මහ නගරසභාව තුළ අනවසර ඉදිකිරීම් පිළිබඳව ක්‍රියාත්මක වන නීතිය දෙයාකාරය. එ් අනුව තම හිතවතුන්ට අනවසර කටයුතු සඳහා අවසර ලැබෙන අතර එසේ නොවන අයට එවැනි ඉඩකඩක් නොලැබේ.

එබැවින් අපට නිගමනය කළ හැක්කේ , මෙකී යකඩ බඩු කඩය අයිතිකරු කළින් සඳහන් කළ පළමු ගනයේ අයකු වන වියහැකි බවය. එසේ නොවේ නම් මේ අයතා කටයුත්ත ගැන සොයා බලා කටයුතු කරන්නැයි අප මීගමුව මහනගරසභාවේ අදාල නිලධාරීන්ට සහ අනෙකුත් බලධාරීන්ට අභියෝග කර සිටිමු .
සැම්සන් ඥානසිරි