දකුණට අමතක වෙන උතුර ? චමුදිත සහ විශ්වලිංගම් ?

0
146

හිරු මාධ්‍යවේදි චමුදිතගේ නිවසට එල්ල වි ඇතැයි කියන ගල්, සහ අසුචි ප්‍රහාරය පිළිබද දේශපාලන පක්ෂ වල සිට ප්‍රධාන ප්‍රවාහයේ මෙන්ම නව මාධ්‍ය වලද අවධානය ‌මේ වන විට යොමුව තිබේ.
සුදු වෑන් රථයකින් පැමිණ මේ ප්‍රහාර එල්ල කර ඇතැයිද වාර්තා වේ.
කෙසේ වෙතත් චමුදිතගේ මාධ්‍ය භාවිතාව සහ ඒ් සංස්කෘතිය ගැන අපට ගැටළු රැසක් ඇතත් ඔහුට එල්ල කර ඇති මේ තර්ජන සැබැවින්ම පිලිකුල් සහගතය . අනිවාර්යෙන්ම හෙළා දැකිය යුතුය තිබේ.
එහෙත් අප මතු කරන්නට යන්නේ ඊටත් වඩා බැරැරුම් කරුණක් ගැනය.
එනම් පසුගිය නොවැම්බර් 27 වනදා මුලතිව් මාධ්‍ය සමාජය‌ේ භාණ්ඩාගාරික තනතුර දැරු නිදහස් මාධ්‍යවේදියෙකු වු විශ්වලිංගම් හට හමුදාවෙන් ප්‍රහාරයක් එල්ල වි තිබුනේ ඔහු මුලිවෛයිකාල් නාමපුරුවේ ඡායාරුපයක් ගනිමින් සිටි අතරේය.
වාර්තා වු අන්දමට කටු කම්බි ඔතන ලද තල් පිත්තක්ද මේ ප්‍රහාරය සදහා හමුදාව විසින් යොදාගෙන තිබේ.
ලේ පෙරෙන දෑත් සහිතව රෝහල් ගතකරන ලද විශ්වලිංගම් දින කිපයක් නේවාසිකව ප්‍රතිකාර ලබන්නට ද සිදුවිය.
එහෙත් මේ ප්‍රහාරය ගැන දකුණේ ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය කිසිදු වචනයක් සදහන් නොකළ අතර විකල්ප යැයි කියන නව මාධ්‍ය අති බහුතරයක් මුනිවත රැක්කේය.
මේ ප්‍රහාරයට එරෙහිව මිගමුවේදි ගම්පහ දිස්ත්‍රික් මාධ්‍යවේදින් සංවිධානය කරන ලද උද්ඝෝෂණය වාර්තා කරන්නට දැයි මිගමුවේ ප්‍රාදේශිය මාධ්‍යවේදියෙකු එක්තරා ජනප්‍රිය මාධ්‍ය ආයතනයකින් විමසා සිටියදි එහි දමිල අංශයේ ප්‍රවෘත්ති සංස්කාරකවරයෙකු කියා තිබුනේ විශ්වලිංගම් වෙනුවෙන් සංවිධානය කර තිබුන මිගමුවේ උද්ඝෝෂණය ආවරණය නොකරන ලෙසය.ඉන් නොනැවති ඔහු කියා තිබුන‌ේ ඒ් ප්‍රහාරය බොරුවක් බවය.
අප දන්නා තරමින් දකුනේ මාධ්‍ය සංවිධාන පවා මේ ගැන නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර බුකිවාසි ප්‍රගතිශිලින්ද සිටියේ මර නින්දකය.
මෙතන ඇත්තේ චමුදිත ජනප්‍රිය මාධ්‍යවේදියෙකු හෝ විශ්වලිංගම් එසේ නොවිම යැයි කියා සරල සංසන්දනයක් කිරිම නොව මර්ධන හස්තය මාධ්‍ය ක්ෂේත්‍රයේ කවරෙකුට හෝ එල්ල වුවද එය ලොකු පොඩි හෝ උතුරු දකුණු භේදයකින් යුතුව අවධානයට ලක්කළ යුතුව තිබේ.

කළු ජනවාරි සිහිකිරිම වෙනුවෙන් මාධ්‍යවේදින්ගේ ඝාතනය පිළිබදව සැමැරුම් කිපයක් කොළඹදි මෙන්ම යාපනයේදිද සංවිධානය කරන්නට යෙදුණි.
යාපනයේ සිදුකරන ලද බැනර් ප්‍රදර්ශණ සැමරුම කොළඹින් ගොස් සිටි මාධ්‍ය කණ්ඩායමක් විසින් සංවිධානය කර තිබුන බව උතුරේ මාධ්‍ය සගයන් විසින් කියා තිබුනි.
කෙසේ වෙතත් දකුනේ චමුදිතට ලැබෙන අවධානය මුලතිව්වල දමිළ මාධ්‍යවේදි විශ්වලිංගම්ට නොලැබුනේ ඇයි ? වාමාංශික දේශපාලන පක්ෂවලට පවා මුලිතිව් මාධ්‍යවේදියාට සිදුකරන ලද පහරදිම අමතක වි තිබුනේ අහම්බයකින්ද ?
හිට්ස් වෙනුවෙන් දුවන දකුණේ ප්‍රධාන ප්‍රවාහයේ කාබන් කොපි බවට පත්ව ඇති නව මාධ්‍යවලටද චමුදිතට ඒල්ලවු කක්කා ප්‍රහාරය ගැන රසවත් රචනා ලියන්නට සැදි පැහැදි සිටියද විශ්වලිංගම්ගේ ලේ පෙරෙන අත් ගැන ලියන්නට අමතක වෙයි .
සිංහලයා අතරේ දෙමළාගේ මර්ධනය උඩ දමා හිට්ස් ගත නොහැකි නිසා මේ අය චමුදිතව පමණක් උඩ දැමිමට තිරණය කරති.

විශ්වලිංගම්ගේ ම්ලේච්ඡ පහරදිමට නිකුත් නොවු මාධ්‍ය නිවේදන දැන් චමුදිත වෙනුවෙන් නිකුත් විම තුලින් කියා පාන කටුක ඇත්ත යනු අනාගත ශ්‍රි ලාංකික සමාජය ගැන තේරුම් ගැනිමට සැබැවින්ම තවත් කදිමම අවස්ථාවකි.