ත්‍රස්තවාදය වැලැක්විමේ පණත අහෝසි කරනු ! අත්සන් ව්‍යාපාරය මිගමුවට …..

0
375

 

ත්‍රස්තවාදය වැලැක්විමේ පණත අහෝසි කරන ලෙස දෙමළ ජාතික සන්ධානය මුලිකත්වෙයන් රට පුරා ක්‍රියාත්මක  පෙත්සමට අත්සන් කිරිම ඊයේ දිනයේ මිගමුව බස් නැවතුම ඉදිරිපිටදි සිදුවිය.
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. ඒ් සුමන්තිරන් මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රාසමානික්කම් ,අතුරුදන්වුවන්ගේ පවුල් එකතුවේ බ්‍රිටෝ ප්‍රනාන්දු , ධිවර සහ‌ෝගිතා ව්‍යාපාරයේ කැදවුම්කරු හර්මන් කුමාර ඇතුළු පිරිසක් මේ සදහා එක්ව සිටියහ.
ජාතික ධිවර සහයෝගිතා ව්‍යාපාරය විසින් මෙය සංවිධානය කර තිබුණි.
මෙම අත්සන් ව්‍යාපාරයට මිගමුවේ නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂය  ‌හෝ සමගි ජනබලවේගය පැමිණ නොසිටිම කැපි පෙනුනි.
සමගි ජනබලවේගයේ මිගමු ආසන සංවිධායක දොස්තර කාවින්ද ජයවර්ධන පැමිණිමට නියමිත බව සංවිධායකයන් විසින් දැනුම් දි තිබුණද ඔහුද මෙම අවස්ථාවට එක්ව තිබුනේ නැත.
ගරු කතෝලික පියතුමන්ලා මෙන්ම කන්‍යා සොහොයුරියන් පිරිසක්ද මෙම අත්සන් ව්‍යාපාරයට එක්ව තිබුණි.

මෙම අවස්ථාවේදි අදහස් දක්වමින් බ්‍රිටෝ ප්‍රනාන්දු කියා සිටියේ ත්‍රස්තවාදය වැලැක්විමේ පණතට ගෙන ඒමට එරෙහිව මිට වසර 40 කට පමණ ඉහතදි මේ රට තුල පැවැති එකම රැස්විම මිගමුවේදි සංවිධානය කර තිබුණ බවය.

“අද අපිට ගොඩක් සතුටු දවසක්. මොකද සිංහල මිනිස්සු එකතුවෙලා ත්‍රස්තවාදය තහනම් කිරීමේ පනත ඉවත් කරන්න අත්සන් කරලා තියෙනවා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රි රාසමානික්කම් සිය ෆේස් බුක් පිටුවේ සටහන් කර තිබුණි.