කොළඹ හලාවත පාරේ ඇති දළුපත ෂෙඩ් එකට ගොස් ඔඛේ වාහනයට ඉන්ධන ලබාගන්නා විට ඔබ ඉන්නේ ඇලක් උඩ බව ඔබ දන්නවාද ?
දලුපත’දෙපා ඇල’ නම්වූ මේ ඇලට නිසි පරිදි ජලය ගෙනයා නොහැකි නිසා වැසි දින වලදී එම ජලය පිටාර ගලමින් අසල තැබෑරුම් වත්ත ඇතුළු ප්‍රදේශ යටකරමින් එම ජනතාව පීඩාවට පත්කරන බව ඔබ දන්නවාද ?
මේ ඇලට ගලායාමට තිබුණු නිසි මාර්ගයේ මීට පෙර ලොකු බෝක්කුවක් සහ පාර දෙපැත්තේ යකඩ වැටවවල්ද තිබූ අතර දැන් මෙම යකඩ වැටවල් නැත. පාරවල් පළල් කිරීමේ ව්‍යාපෘතියක අවස්ථාව ප්‍රයෝජනයට ගත් එක්තරා අවස්ථාවාදී ව්‍යාපාරිකයෙක් එකල පොදු පෙරමුණු රජය තුළ සිටි දේශපාලන අධිකාරිය සහ පරිපාලන අධිකාරියේ බලය උපයෝගී කරගෙන මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකර ඇත.
වාර්ථා වන අන්දමට ඉතාලියේ සිට පැමිණි අයෙකු විසින් පසුගිය නගර සභා පාලනය සමයෙදි මෙම නීති විරෝධි ඉදිකිරිම සිදුකර ඇත.
එවකට නගරාධිපතිව සිටියේ ඇන්ටන් ජයවීරය.
තැබෑරුම්වත්ත ප්‍රදේශවාසීන් මේ පිළිබදව වගකිවයුතු අයව දැනුවත් කර පෙත්සම් ආදී මගින් මීට එරෙහිව ක්‍රියාත්මක වූ නමුත් ආත්මාර්ථකාමී පාලකයන්ගේ අනුදැනුම මත සිදුවූ දෙයක්නිසා ජනතාව පරාද වී ව්‍යාපාරිකයා ජයගන්නා ලදී.
ඇලක් මත ඉදිකර ඇති මෙම ගොඩනැගිල්ල නීති විරෝධි යැයි මීගමුවේ සියළු ප්‍රධාන රාජ්‍ය නිළධාරින් පිළිගනිති.
. මීගමුව නගරය පුරා අනවසර ඉදිකිරීම් සහ නීති විරෝධී මෙවැනි ක්‍රියා අප්‍රමාණව සිදුවන බවත් ඒ සදහා නඩු දැමීමට හෝ වෙනත් ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකියාවක් නොමැති බවත් ඔහු තවදුරටත් පැහැදිලි කරන ලදී.
පසුගිය නගර සභා පාලන සමය තුලදි මෙවැනි බරපතල නිති විරෝධි ඉදිකිරිම් රැසක් සිදුව තිබේ.
නිමල් ලංසා එවකට පළාත් සභා ඇමතිවරයෙකි.
දායන් ලංසා මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපතිවරයා මෙන්ම සෞඛ්‍ය කමිටුවේද සභාපතිවරයා විය.
ඇලක් ගොඩකර හදපු සෙට් ඒකක අයිතිකාරයා දැන් චණ්ඩියාට ඇද මාධ්‍යවේදියෙකුට ඊයේ රාත්‍රියේදි පහර දි තිබේ. ඉන්ධන හලේ හිමිකරු ඔහුගේ පුතා සහ තවත් අයෙකු මේ සටහන තබන අලුයම 3.14 වන විට සිටින්නේ මිගමුව පොලිසියේ සිර කුඩුවක් තුලය.
මාධ්‍ය වාර්ථාකරණයට ගොස් ගුටි සිරස මාධ්‍යවේදි සහජාන් මේ අවස්ථාවේ මිගමුව රෝහලේ 6 වන වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබයි.
මාධ්‍යවේදින්ට අත තබන කොයි චණ්ඩියාටත් නිසි පාඩම් ඉගෙන් විය යුතු බව එකාවන්ව පිළිගත් මාධ්‍යවේදින් දැනටමත් ඒ සදහා සුදානමින් සිටිති.