කට්ටුව ෂෙඩ් එකේ කලබලයක් ? තෙල් බෙදිල්ල නවති ?

0
120

IMG 20220305 WA0043මිගමුවෙ සහ අවට ඉන්ධන පිරවුම් හල් අසල දක්නට ඇත්තේ දිගු පෝලිම්ය. මේ තත්වය පාලනය කිරිම සදහා පොලිසිය යෙදිමට කටයුතු කරන බව රජය කියා සිටියද එය එලෙසින්ම ක්‍රියාත්මක බවක්ද නොපෙනේ .
මේ අතර මිගමුව කට්ටුව ප්‍රදේශයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හලේ ඇතිව තිබෙන කිසියම් කලබලකාරි තත්වයක් හේතුවෙන් තෙල් බෙදිල්ල මේ වන විට නවතා දමා ඇතැයි එහි සිටින අප වෙබ් අඩවියට සම්බන්ධ පුරවැසි මාධ්‍යවේදියෙකු කියා සිටියේය.
පැය ගණන් පෝලිම් වල රැදි සිටින විශාල ජනතාවකට මේ නිසා බරපතල තත්වයකට මුහුණ දිමට සිදුව ඇතැයි පැවසේ .

 https://youtu.be/gRu-zDaEbEA

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here