නිර්පාක්ෂික ජනතා අරගලයේ
පළමු සතියේ ශේෂ පත්‍රය

0
138
received 353562060062579
received 303058458567645
received 1002598674018331
received 1758303211196260

පසුගිය මාර්තු 31 දින මිරිහාන සිද්ධියෙන් සලිත වූ ආණ්ඩුව අප්‍රේල් 3 නිර්පාක්ෂික ජනතා අරගලය මර්දනය කිරීම සඳහා පැනවූ හදිසි නීතිය, ඇඳිරි නීතිය හා මුහුදු වෙරළත් තහනම් කරමින් ගැසූ අතිවිශේෂ ගැසට් පත්‍රයද නොතකා අප්‍රේල් 3 ආරම්භ කළ නිර්පාක්ෂික ජනතා අරගලයට ඊයේ දිනට පළමු සතිය සම්පූර්ණ වූ අතර ඊට අදාළ ශේෂ පත්‍රය මෙසේය.

  1. මොළ හතක් ඇතැයි කියූ මුදල් ඇමති බැසිල් ඉවත් කිරීම
  2. රාජපක්ෂ පවුලේ තිදෙනෙකුම කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කිරීම
  3. කුප්‍රකට ඉතිහාසයක් ඇති කබ්රාල් තනතුරින් ඉවත් කිරීම
  4. දූෂිත රාජපක්ෂ යාන්ත්‍රණය බලගැන් වූ මුදල් ලේකම් ආටිගල ඉවත් කිරීම
  5. එතෙක් පැවති කැබිනට් මණ්ඩලය ඉවත් කිරීම
  6. ආණ්ඩුවෙන් හතළිස් එකක් ඉවත් වීමට සැලැස්වීම
  7. හදිසි නීතිය ඉවත් කිරීම
  8. විෂය පිළිබඳ විශේෂඥ තාවයක් ඇති තැනැත්තකු මහ බැංකු අධිපති කිරීම
  9. එවැනි තවත් අයකු මුදල් ලේකම් තනතුරට පත් කිරීම
  10. විසදුමක් සොයා ගත නොහැකිව ජනපති අගමැති වල්මත් වී සිටින තත්වයක් ඇති කිරීම
  11. සමස්ත සමාජයම ගිල්වා තිබූ සියලු මිත්‍යාවන් හෙළිදරව් කර සාමාන්‍යය ජනතාව ඉන් මුදවා ගැනීම.
  12. සමස්ත ආණ්ඩුවම නිර්පාක්ෂික ජනතාව ගේ ග්‍රහණයට ලක්වූ තත්වයක් නිර්මාණය කිරීම

විජයග්‍රහණයේ ඉලක්කය දක්වා නිර්පාක්ෂික ජනතා අරගලය දිගටම….

(නිමල්ගේ බෝපගේ ගේ ෆේස්බුක් පිටුවෙනි)

ඡායා -දොන් මායා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here