මුලින් තිබ්බේ ගෝල්ෆේස් ග්‍රීන්ස්. දැන් ඒක #ගෝඨාගෝ ගම. යන්න වේ, ඉන්න ආපු ශ්‍රී ලාංකිකයො එතන මුලින්ම කෑම බෙදුවා. ඊටපස්සෙ උයාගන්න බඩු ගෙනල්ලා එතනම උයාගන්න ගත්තා. ඊටපස්සෙ ටෙන්ට් එක දෙක ආවා.
වෛද්‍ය මධ්‍යස්ථාන හැදුනා, මොබයිල් ටොයිලට්ස් ගෙනාවා. අරගලයේ අතරමැද සරතස නිවන සංගීතයක් වැයුනා…
අද එතන ක්ලාසස් කරනවා. ඩ්‍රෝන් ගැන ඉගෙනගන්න එතනදි පුළුවන්. ග්‍රැෆික් ඉගෙනගෙන ඩොලර් ගේන හැටි අහගන්නත් පුළුවන්. ඒ හැම එකක් ම නොමිලේ දෙන්නෙ. තව තව අය ඉදිරියට එයි.
ඔය දැනට ..
සැබෑම අරගල භූමියක් අන්න ඒ වගේ. හැඩයක් නෑ.. කාලයේ බැඳීමක් නෑ.. සාමකාමී අරගලය කියන්නෙ යුධබිමක් නෙවේ..
එතන ජාති නෑ.. ආගම් නෑ. පාට පක්ෂ නෑ.. එතන තියෙන්නෙ එකම එක අරමුණයි. ඒ තමා #GoHomeGota2022
ගෝඨා, ඔයා යනකං එයාල යන්නෙ නෑ. ඔය අද තත්වේ.
හෙට අනිද්දා සමහරවිටක ඔතන අස්ලාම්ල එක්ක සමන්තලා කොට්ටපොර තරඟ තියාවි. ෆාතිමාලා අවුරුදු කුමාරියෝ වේවි. රාමලිංගම්ලා විෂ්ණු සමරන්න පොලවේ හැඩ රටා මවාවි. ඒ වගේමයි අපි ඔක්කොම එකතුවෙලා ගීතිකා කියලා මහ සිකුරාදයි පාස්කුවෙයි දේවමෙහෙයවල් තියාවි.
එදාට ස’ ට මොනවද හිතෙන්නෙ කියලා පහුවදාට කියන්න.
අපි තරහ නෑ. දැන් ස’ ගෙදර යන්න.
ප.ලි. කැමති අය මේ සටහන ගන්න. තමන්ගෙ වෝල් එකේ දාගන්න. කිසිම ක්‍රෙඩිට් එකක් අවශ්‍ය නෑ.
«ඔරිජිනල් සටහන මගේ නෙවෙයි»
(විමුක්තිගේ ෆේස් බුක් පිටුවෙනි )
(විමුක්තිගේ ෆේස් බුක් පිටුවෙනි )