ශ්‍රී ලාංකිකයින් විදෙස් සිට , එවන මුදල් නැවැත්වීමේ සූදානමක ??

0
125

278269251 358025519679755 6515497817399823493 n
ලංකාව පත්ව ඇති ආර්ථීක මෙන්ම දේශපාලන අර්බුදය විසීම සම්බන්ධයෙන් ලංකාවේ සිදුවෙමින් පවතින මහජන අරගලයට  මේ වනවිට විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයින්ද ඔවුන්ගේ සහය පළකරමින් සිටිති. යුරෝපයේ රටවල් ගණනාවක පසුගිය සති කීපය පුරාම  ශ්‍රී ලාංකික ජනතාව උද්ඝෝෂණ ව්‍යාපාර දියත්කර තිබුණි.  දැනට දින දෙකකට පෙර ඉතාලියේ මිලානෝ නගරයේ ස්ථාන කීපයකම පවතින රජයට විරෝධය පා උද්ඝෝෂන පවත්වනු ලැබීය. මෙහිදී ඔවුන් අවධාරණය කර සිටියේ ලංකාව මෙතරම් අගාධයකට වැටී ඇති තත්ත්වයකදීත්  පාලකයන් ඉවත්වීමට සූදානමක් නොමැති ලංකාවේ වීදි බැස ඇති ජනතාවගේ ජීවිත වල ආරක්ෂාව ගැන ගැටලුවක් මතුවිය හැකි බවයි. මේ වනවිට රටේ ආහාර ඇතුලු ප්‍රධාන අත්‍යඅවශය භාන්ඩ හිඟය ඉදිරියේදී වැඩිවීමට නියමිත අතර මේ සඳහා කිසිදු විසුමක් ඉදිරිපත් නොකර රටේ පාලනය දිගටම මේ ආකාරයටම සිදුවෙනවා නම් මිනිසුන් පාරවල් වල මැරී වැටෙන තත්ත්වයක් වැඩි ඈතක නොවන බවද ඔවුන් පෙන්වා දෙති. දැනටමත් තෙල් පෝලිම් වල ජනතාව මැරී වැටෙන තත්ත්වයක් උදාවී තිබේ. මේ සියලු පීඩාවන් අභියස රාජපක්ෂ පවුල් පාලනය එක කෙස් ගසකින්වත් වෙනස් කිරීමට ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම සූදානම් නොමැති නම් විදෙස් ගත ශ්‍රී ලාංකිකයින් ඒයට ඒරෙහිව සංවිධානාත්මකව පියවර ගැනීමට ඉදිරියේදී යුරෝපය තුළ ක්‍රියාත්මක වන බව ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් මීපුර ට පවසන ලදී.

පහත පළවන්නේ ඒ් සම්බන්ධයෙන් ලියවුණු පෝස්ට් කිහිපයකි.

ලංකාවේ මිනිසුන්ට මොනවා හරි විපතක් වෙනකොටසේරටම කලින් ලංකාවට උදව් කරන්නේ විදේශ ගත විදේශගත ශ්‍රී ලාංකිකයෝ
බොකු බඩවැල් උණු  වෙන්නේ අපේ , අපි සුනාමියට උදව් කෙරුවා. ‘ අපි වෙනුවෙන් අපි ‘ වැඩසටහනට උදව් කෙරුවා.
ඒ විතරක් නෙමෙයි ගංවතුරක් භූමිකම්පාවක් හෝ ලෙඩ රෝග මේ හැදිච්චි හැමවෙලේම ඉස්සරහට ආවේ විදේශගත ශ්‍රී ලාංකිකයෝ අපේ සල්ලි
ඒ සල්ලි ගසා කෑවා නං තවදුරටත් අපි සල්ලි එවන්ඩ ඕනෑද?
රට ගොඩ ගන්ඩ ඕනෑම කැපකිරීමක් අපි කරන්න කැමතියි
හැබැයි රාජපක්ෂ පවුලට හොරා කන්ඩ එක සතයක් වත් එවන්න නෑ

WhatsApp Image 2022 04 10 at 11.58.00

WhatsApp Image 2022 04 12 at 10.00.01

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here