මාරිස්ටෙලා මෝටර් රථ තරගාවලිය සාර්ථකව නිමවේ.

0
85

P1070929 newP1070937 newමීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය වසරක් පාසා පවත්වන මාරිස්ටෙල්ලා මෝටර රැලේ තරගය තෙවන වරටත් ජුනි මස 11 දින පෙරවරුවේදී මාරිස්ටෙල්ලා විද්‍යාල පරිශ‍්‍රයෙන් ආරම්භ වී සැතපුම් 120 ක් දුර ගෙවමින් නැවත මාරිස්ටෙල්ලා විද්‍යාල පරිශ‍්‍රයේදීම අවසන් කෙරිණි. මෙම මෝටර් රැලේ  සඳහා මෝටර් කාර්, වෑන් , ජීප් හා ෆෝවීල් රථ ආදී විවිධ වාහන රාශියක් ඇතුලත් වුහ. මෝටර් රථ තරග මාරිස්ටෙල්ලා විද්‍යාලය තුල ජනපි‍්‍රය කිරීමට සහ එම විද්‍යාල භූමියේ අභිනවයෙන් ඉදි වූ මාරිස්ටෙල්ලා ආදී ශීෂ්‍ය සංගමයේ නව ගොඩනැගිල්ලට ගෘහ භාන්ඩ මිලදී ගැනීමට අරමුදල් සම්පාදන කර ගැනිමේ අරමුණෙන් යුතුව මෙවර එනම් 2011 මාරිස්ටෙල්ලා මෝටර්  රැලේ ධාවන තරගාවලිය සංවිධානය කර තිබූණි. කාලය වේගය, වැනි මිනුම් දඩු කිහිපයක් අනුව ලකුණු ලබා දෙමින් අවසානයේ මෙම තරගාවලියේ ජයග‍්‍රහකයන් තෝරා ගනු ඇති අතර එම ජයග‍්‍රහකයන් සදහා වටිනා ත්‍යාග ලබා දෙනු ලබන බවද එම සංවිධායක මන්ඩලයේ සමාජිකයන් සදහන් කරයි.
මෙවර මෙම මාරිස්ටෙල්ලා මෝටර් රැලේ තරගාවලිය සදහා මහේෂ් ඉන්ටර් නැෂනල් , ඔටෝ-ඊ- සෝන්, ජනශත්ති ඉන්ෂුවරන්ස්, එන්.එන්.බී. ලීසිං සහ රෝඩියෝ ෆබ් ඇන්ඞ් රෙස්ටූරන්ට් වැනි ජනපි‍්‍රය ආයතන ගනනාවක්ම අනුග‍්‍රහකත්වය ලබා දී තිබුණි.

මෙම තරගාවලිය සංවිධානය කිරිමේදී මාරිස්ටෙල්ලා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයන් වූ මහේෂ් ප‍්‍රනාන්දු මහතා ව්‍යාපෘති සභාපති ලෙසද ඩිස්නි ප‍්‍රනාන්දු මහතා එහි ලේකම් ලෙසද එලෙසම එරන්ද වෙත්තසිංහ මහතා එහි භාන්ඩාගාරික වශයෙන් ද කටයුතු කර ඇත.