21වනදා මිගමුව කළු නගරයක් කරමු..

0
565

බලයට ඇති කෑදර කම නිසා අසරණයක්ගේ ජිවිත පාස්කු ඉරිදා බිලිගත් පාලකයෝ ඒ ශාපය විඳිමින් සිටිති.ලංකා ඉතිහාසයේ මේ තරම් පජාත වු පවුලක් නැති තරම්ය.පොඩි එකාගේ පවා මුවඟ රැදි ඇත්තේ මුන්ට එරෙහි සටන් පාඨය.

කුඩා දරුවන් විනෝද වන්නේද කපුටු කාක් කියමිනි .නිමල් ලංසා සුපිරි චරිත සහතිකයක් දුන් මොළ හතේ ඇමති දැන් ඒ තරමට පජාත වි ඇත.අප්‍රෙල් 21 වෙනිදා මිගමුවට කළු දවසකි..එය සිහිකරනු වස් දැවැන්ත විරෝධතා දෙකත් මේ වන විටත් සුදානම්ය.

ඉන් එකක් සංවිධානය කරනු ලබන්නේ කතෝලික සභාව සහ මිගමුවේ සිවිල් සංවිධාන එක්වය.එය සවස 3ට කටුවපිටියෙ දේවස්ථානයෙන් ඇරඹි මිගමුව නගරයේ ජුසේවාස් මුනිඳුන්ගේ ප්‍රතිමාවඅසලට පැමිණි රැළිය පැවැත්ව්මට නියමිතය.

මේ අතර ජාතික ජනබල වේගයද මිගමුවේදි දැවැන්ත පෙළපාලියක් සහ රැළිය සංවිධානය කර තිබේ.

අප්‍රෙල් 21 වනදා නගරය කළුම කළු දිනයක් බවට පත්වනු නියතය.මිගමුවේ සියළුම ව්‍යාපාරිකයන් සිය සහෝදරත්වයේ දෑත් මේ කළු දිනය වෙනුවෙන් දිගු කරනු ඇතැයි සිතමු.සියළුම ව්‍යාපාරික ස්ථානයන්හි කළු කොඩි දැමිමට සියළුම දෙනා කටයුතු කරනු ඇතැයි ජනතා අපේක්ෂාවයි.