ඔබ හිරහැර කළ යුත්තේ ජනතාවටද? ජනතාවට හිරහැර කරන පාලකයන්ටද ?

0
120

wp 1650382881783wp 1650382881946ජනතාවට කිසිසේත්ම දැරිය නොහැකි ගණනකින් ඉන්ධන මිළ වැඩිකිරිමට රජය ඊ‌යේ තිරණය කිරිමත් සමගින් රටපුරා දැවැන්ත විරෝධතා රැල්ලක් ක්‍රියාත්මක විම ආරම්භ විය.
බොහෝ නගර වලදි පාරවල් වසා දමා අරගලය දියත් විය.

ඒසේ පිටව තිබුනේ ජනතාව පෙළන පාලකයන්ට එරෙහිව වු කෝපයයි.මේ කෝපය සැබැවින්ම අප එල්ල කළ යුතු වන්නේ කාටද ?

අපගේ විරෝධතාව හරහා යද්දි කපුටු කාක් යැයි යතුරු පැදිවලින් මෝටර් රථ වලින් හෝන් ගසාගෙන ජයවේවා යැයි කියන රාජපක්ෂපලාට එරෙහිව ඔබත් සමගින් අරගලයට යන එන ජනයා අපහසුවට පත් කරනවා වෙනුවට  සැබැවින්ම කළයුතුව ඇත්තේ ජනතාව පෙළෙන නස්කුණි දේශපාලකයන්ගේ නිවෙස් වටලා ඔවුන්ට එරෙහිව අරගලය කිරිමය.

අද තෝප්පුව හංදියේ පාරවසා සිදුකළ විරෝධතාවයේදි ඒ හරහා යන්නට පැමිණි ජනයා මහත්වු අපහසුවට පත්ව තිබුණි. රෝහල් ගත වන්නට යන රෝගින් මෙන්ම රෝහල් ගතව සිටින රෝගින්ද මෙහිදි මහත් අපහසුවකට පත්ව තිබුණි.
ගුවන් තොටුපලට යැමට පැමිණි අයද මෙහිදි මහත්සේ අසරණවි තිබුනේ නිසි වේලාවට ගුවන්තොටුපලට පවා යාමට නොහැකි වේදැයි යන සිතිවිල්ලත් සමගින්ය.

278835637 1144534763029805 3097487783955889896 n

මේ පාලකයන්ට එරෙහිට අත්නොහැර සටන් කළ යුතුය. අරුන්දිකලා ට ඇමති කම් ලැබෙද්දි ඉන්ධන මිළ ඉහල දැමිම නිසා අපහසුවට පත්ව සිටිති.
අර්න්දිකලා මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයද යහතින් ගමන් බිමන් යති. එසේ නම් තෝප්පුවේදි සහ මාදම්පේදි හරසි කළ ලොරි සහ ටිපර් යොද වසා දැමිය යුතු වන්නේ මේ  නස්කුණි දේශපාලකයන්ට අඩුම තරමින් නිවෙසින්වත එලියට බැහැගන්නට නොහැකි ව ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here