මේ මාළු ලෙල්ලම කාගේද????

0
524

පළාත් පාලන නිතියට අනුව වෙළදාම් පොලක් පවත්වාගෙන යා හැක්කේ පළාත් පාලන අායතනයකට පමණි. එහෙත් ඒ කිසිදු නිතියක් වලංගු නැති මීගමුවේදි ඒවායේ අයිතිය තින්දුවන්නේ ප්‍රදේශයේ ද දේශපාකයන්ගේ ඕනෑ එපාකම් උඩය.
මීගමුව මහනගර සභාවට අාදායම් ලබන්නට යැයි කිය ජයිකා අායතනය විසින් කෝටි  ගණනක වියදමින් ඉදිකරන ලද මාළු වෙළද පොලේ අයිතිය පැවරි ඇත්තේ වැල්ලවිදිය පල්ලියටය.
මුහුදු වෙරළ සහ මාළු වෙළදපොලක් අයිති ලංකාවේ එකම පල්ලිය මෙය විය හැක.
පල්ලියට මේ ලෙල්ලම පැවරිමේ ඇත්ත උවමනාව දැන් රිසි සේ ක්‍රියාත්මකය. එයට අනුව මේ පොළ පල්ලිය විසින් බදු දි ඇත්තේ පාළාත් සභා ඇමැති නිමල් ලංසා මහතාගේ පියා හටය.තවත් වසර කිපයකට ඔහු මෙහි බදුකරුය.
ජයිකා අායතනයේ අරමුණ වි  තිබුනේ තමන්ගේ අයෝජනයන් හරහා මීගමුවට පිරිසිදු මාළු අලෙවි සැලක් ඉදිකරදිම සහ එහි අදායම නගර සභාවට ලැබෙන සේ කටයුතු සම්පාදනයට ඉඩ ලබාදිමයි.එහෙත් දැන් මේ දෙකම සිදුනොවේ.
පිරිසිදු කම අතින් එය අන්තයට පිරිහි ගොසිනි. එ්වා බලන්නට සෞඛ්‍ය බලධාරින් නිකමටවත් මෙහි ගොඩවදින්නේ නැත.
හේතුව මහනගර සභාවේ සෞඛ්‍ය කමිටුවේ සභාපති මන්ත්‍රිවරයා මේ පොල බදුකරුගේ බාලපුතු විමයි.
එපමණක් ද නොව ඉතා පැහැදිලි ලෙසින් මේ මාළු වෙළඳ පොලේ කිරුම් මිණුම් සිදුවන්නේ කිසිදු ප්‍රමිතියකට නොවේ. මෙහි කිලෝවක් යනු ග්‍රෑම් 750 කි.කිරුම් මිණුම් නිළධාරින් මේ පැත්තේ වත් නොඑන්නේ ඔවුන්ද මෙයට අත ගැසිමට ඇති බිය නිසාවෙනි.යන්තමට හෝ පැමිණියද නමට පමණක් අල්ලාගත් වෙළදුන් පොලිසියට ගොස් ඉහලින් ලැබෙන දුරකථන ඇමතුමෙන් නිදහස් කර යවති.
වැල්ලවිදියේ පල්ලියේ පියතුමා යනු මේ නගරයේ දුසිරිතට එරෙහිව මහජනයා පාරට ගේන්නට පියවර ගත්  කතෝලික පියවරුන් අතර වු ප්‍රධානිෙයකි.
එහෙත් ඔහු හැසිරෙන්නේද මේ කිසිදු නිතිවිරෝධි ක්‍රියාවක් තමන්ගේ  ශාන්ත සෙබස්තියන් දෙව්මැදුරට  අයිති යැයි කියන  ලෙල්ලමේ සිදුවෙනවා යැයි නොදන්නා ලෙසින්ය.
ඉතින් මේ සියල්ලේ විපාකය විදින්නට ඇත්තේ මීගමුවේ බදු ගෙවන ජනයා හටය.
ඔවුන්ද සිටින්නේ මර නින්දක නිසා අවනිතිය පමණක් මීගමුවේදි නිතිය සදාචාරයද ආගමද බවට පත්ව තිබේ.