ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන කිපයකදි සිදුකර තිබුන අයුක්ති සහගත අත්අඩංගුවට ගැනිම් සම්බන්ධයෙන් අද මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිපයක් ඉදිරිපත් කර තිබුණි.
නිතිඥ චාමර ජයසිංහ මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ දේශපාලන වාසි වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතැම් පොලිස් ස්ථාන කිපයකදි අයුක්ති සහගත අත්අඩංගුවට ගැනිම් සිදුව ඇති බවය.
විශේෂයෙන්ම ගම්පහ ඇතැම් දේශපාලකයන් සතුටු කිරිම අරමුණු කරගෙන ඇතැම් පොලිසිවල උසස් නිලධාරින් කටයුතු කර ඇති බව ඉතා පැහැදිලි යැයි මිගමුවේ අඛණ්ඩ විරෝධතා භුමියේ ක්‍රියාකාරිකයෙකු මිපුර පවසා සිටියේය.
මේ අනුව අද දිනයේ ගම්පහ සහ පමුණුගම පොලිසි වලට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කෙරුණි.