ජන අරගලය අමතක කළ සැම වෙත..

0
149
wp 1653450897950
wp 1653449035783

මිගමුවේ අරගල භුමිය ඉස්සරහ තමයි තෙල්වත්ත හංදියේ ඉන්ධන පිරවුම් හල තියෙන්නේ.මිනිස්සු තෙල් පෝලිම් වල පොදි කනව.හැබැයි තෙල් නැත්තේ ,තෙල්වල මිල ඉහල යන්නේ මේ රටේ තියෙන දේශපාලන ප්‍රශ්ණයක් හින්ද.

ඒකට මේ පාලනය එදා භාරගත්තු රාජපක්ෂ පවුල වගකියන්න ඕනා.ඒ වගේම ඒ පවුලට මිගමුවේදි දර දිය ඇද්ද කඩේ ගිය දේශපාලකයෝ හැමෝමත් වගකියන්න ඕනැ.ගෝල්ෆේස් එකේ තරුණයෝ ජවසම්පන්න අරගලයක් පටන් ගත්තේ ඒ හින්ද.නමුත් දැන් හුඟ දෙනෙක්ට ජන අරගලය අමතක වෙලා.

රාජපක්ෂ පවුල බයවුනේ මේ ජන අරගලයට .

මිගමුවේ අඛණ්ඩ විරෝධතාවයට අද දින 35 ක්.

අරගල බිමට ඉස්සරහ තෙල් පෝලිම් වල ලගින අයටත් වාහනේ යතුරු පැදියේ ටැංකියෙන් බාගයක් හරි පුරව ගත්තම සතුටු නිසා සේරම අමතක වෙනව.ටික දෙනෙක් මහ පාරේ අරගල කරද්දි අති බහුතරයකට දැන් අරගලය අමතක වෙමින් යනව.

දැන් තමයි මොල හතේ රාජපක්ෂව බිත්තියටම හේත්තු කරන්න තියෙන අවස්ථාව.ඩීල් එපා ,ඇත්ත 21සම්මත කරගන්න දැන් එදාට වඩා ශක්තිමත්ව අරගලය පෙරට ගත යුතුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here