උප්පැන්න පෝලිම ගැන මිගමු ප්‍රා.ලේ ට චෝදනවක්..

0
160
Screenshot 20220706 081920

මිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ වන දිගු පෝලිමක් ඇති බව එහි සිටින පුරවැසි මාධ්‍යකරුවෝ වාර්තා කර සිටිති.

මේ බොහෝ දෙනෙකු උප්පැන්න සහතිකයක් ලබාගැනිම සඳහා අද පාන්දර පහේ පමණ සිට මෙහි රැදි සිටින අය වෙති.

තෙල් පෝලිම් ,ගෑස් පෝලිම් වලින් බැටකන ජනයාට දැන් උප්පැන්නයක් ගන්නටත් පෝලිමේ සිටින්නට සිදුව තිබේ.

මීපුරට වෙබ් අඩවියට අදහස් ඉදිරිපත් කළ සමාජ ක්‍රියාකාරිකයෙකු මන ජුඩ් නාමල් කියා සිටියේ මිගමු ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් වහා මේ සඳහා නිසි ප්‍රයෝගික වැඩපිලිවෙලක් සකස් කළ යුතු බවය.

එසේ නොවන්නේ නම් මේ තත්වයට එරෙහි උද්ඝෝෂණික ක්‍රියාර්මාර්ග වලට පවා යාමට සිදුවන බවද කියා සිටියේය.

මේ අතර මිට සති කිපයකට ඉහතදි ⁣ප්‍රාදේශීය ලේකම් තුමිය හමුවිමට පැමිණි මිගමු ජන අරගල භුමියේ නියෝජිතයන්ද ඉල්ලා සිටියේ මිනිසුන් පෝලිම් වල රස්සියාදු නොකර ඒ සියළු කරුණු සඳහා විධිමත් වැඩපිලිවෙලක් සකස් කරන ලෙසය.

ඡායා සහ විඩියෝ -පුරවැසි මාධ්‍යවේදී බණ්ඩාර ටි.චන්දන

wp 1657076358171

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here