මීගමුව මහනගර සභාවට අයිති වටිනාම ඉඩම විකුණන්න ලංසලා සැරසෙයි ?

0
251

මීගමුව නගර මධ්‍යයේ පිහිටි ඉතා ඉහල වානිජ වටිනාකමකින් යුත් ඉඩමක් කඩිමුඩියේ විකුණා දැමිමට මිගමුව නගරාධිපති දයාන් ලංසා කටයුතු කරමින් සිටින බව මිගමුව නාගරික මන්ත්‍රි සංගිත් පෙරේරා ඇතුළු තවත් තවත් නාගරික මන්ත්‍රිවරුන් පිරිසක් ඊයේ (03) මිගමුවේ පැවැති පුරවැසි රැස්විමකදි අවධාරණය කර සිටියේය.

මිගමුව නගරයේ මැද කැල්ටන් හෝටලය පිටුපස පිහිටි තැබෑරුම් වත්ත නමින් හැදින්වෙන මෙම වටිනා ඉඩම පිහිටා ඇත. නිමල් ලංසා පළාත් සභා ඇමතිවරයෙකුව සිටියදි රු කෝටි ගණනක් කාබාසිනියා කරමින් මෙම ඉඩම තුල සාප්පු සංකිර්ණයක් ඉදිරිකිරිමට කටයුතු ඉදිකිරිම් ආරම්භ කර තිබුණද දැන් ඒ සියල්ල වල් වැදි ගොස් තිබේ.

ඒදා ඒ් ආකාරයෙන් මුදල් කාබාසිනියා කළ ලංසා පවුල් පාලනය දැන් යළිත් වරක් මිගමුවට ඇති වානිජ වටිනාකමක් සහිත එකම ඉඩමද විකුණා දැමිමට මාන බලමින් සිටිති.

සාකච්ජාවට එක්ව සිටි නාගරික මන්ත්‍රිවරුන් 4 දෙනා අවධාරණය කර සිටියේ එවැනි ඉඩමක් විකුණා දැමිමට කිසිදු හේතුවක් නැති තත්වයක් තුල මෙසේ මෙම ඉඩමක විකුණා දැමිමට සැලසුම් කරමින් සිටින බවය.

මෙම හමුවකට එක්ව සිටි වාමාංශික ක්‍රියාකාරිකයෙකු කියා තිබුනේ රනිල් වික්‍රමසිංහගේ ලිබරල් ආර්ථික ප්‍රතිපත්තියේම දිගුවක් ලෙසින් මෙම ඉඩම් විකිණිම හදුනාගත යුතුව ඇති බවය.

එහෙත් ලංසා පවුලේ කළු ආර්ථිකය ගැන ඉතා හොදින් දන්නා මිගමුවේ සබුද්ධික ජනයාට ඇත්තේ කොරහේ කිඹුලන් දකිනා විශ්ලේෂණයන්ට එහා ගියා වඩාත් ප්‍රයෝගික කාරණාය. ඇත්තම කථාව නම් මේ විකිණිල්ල පිටුපස ඇත්තේ ලංසා පවුලේ කළු ආර්ථිකය තවත් ශක්තිමත් කර ගැනිම සදහා තවත් වංගුවක් ගසා මාර්තු මාසයට පෙර කෝටි ගණනක මුදල් කුට්ටියක් ලබාගැනිමට ඇති කෑදරකම විනා ඉන් එහා ගිය දෙයක් නොවන බව ඉතා පැහැදිලිය.