මිගමුව උසාවිය ඉදිරිපිට වෙඩි තැබු වෙඩික්කරු පොලිසියට කොටුවෙයි !

0
656

Negombo police 1මීගමුව අධිකරණ සංකීර්ණය අසලදී මෝටර් රථයක ගමන්කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය ලද තොරතුරකට අනුව මීගමුව, කුට්ටිදූව, මාළු ලෙල්ලම ප්‍රදේශයේ දී ඊයේ (05) අදාළ සැකකරු සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

එහිදි ඔවුන් සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් සහ ජීව අත්බෝම්බයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන් මිනුවන්ගොඩ සහ ගලෙන්බිඳුනුවැව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (06) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය‍.

පසුගිය 31 වන දින මීගමුව අධිකරණ සංකීර්ණය අසලදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් එම මෝටර් රථයේ ගමන්කරමින් සිටි අයෙක් සහ මාර්ගයේ ගමන් කරමින් සිටි අයෙක් තුවාල ලැබීය.Negombo police 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here