මාරිස්ටෙල්ලා, 2011 රිලේ කානිවල් බාලක ශූරතාවය දිනයි.

0
177

vlcsnap-2011-06-01-08h52m24s1 newපසුගිය මැයි 14, 15, 16 යන තෙදින තුල දියගම, මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගනයේදී පවත්වන ලද රිලේ කානිවල් නම් සමස්ථ ලංකා පාසල් සහය දිවිමේ තරඟාවලියේ දී 2011 වසරේ බාලක ශූරතාවය දිනා ගැනීමට මීගමුව, මාරිස්ටෙල්ලා විද්‍යාලය සමත් වී තිබේ. ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයත්, ශී‍්‍ර ලංකා පාසල් මලල කී‍්‍රඩා සංගමයත් එක්ව වසරක් පසා පවත්වනු ලබන මෙම පාසල් සහාය දිවිමේ තරඟාවලියට මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලය ප‍්‍රථම වරට සහභාගී වුයේ පසුගිය වසරේ එනම් 2010 වසරේදීය. එහිදී ද තරඟාවලියේ බාලක ශූරතාවය දිනා ගැනීමට මාරිස්ටෙල්ලා විද්‍යාලයට හැකි විය.

දිවයිනේ මලල කී‍්‍රඩා සහ දිවිමේ තරඟ වලට දස්කම්පාන පාසල් 45 ක් පමන මෙම තරඟාවලියට සහභාගී වුහ. ඒ අනුව 12 පහල, 13 පහල, 14 පහල, 16 පහල, 18 පහල, සහ 20 පහල යන සෑම වයස් ඛාන්ඩයකම සහය දිවිමේ තරඟ සඳහා මාරිස්ටෙල්ලාවේ කී‍්‍රඩකයන් සහභාගී වුහ. එලෙසම පසුගිය වසරේ මාරිස්ටෙල්ලා  20 පහල සහය දිවිමේ කී‍්‍රඩකයන් විසින් තබන ලද වාර්තාව මේ වසරේදී තවත් අළුත් කරමින් නව වාර්තාවක් පිහිටුවීමටද  මීගමුව, මාරිස්ටෙල්ලා  20 පහල සහය දිවිමේ කී‍්‍රඩකයන්ට හැකි විය. මෙම තරඟාවලියේ බාලිකා ශූරතාවය වලල  ඒ. රත්නායක විද්‍යාලය හිමි කර ගත් අතර මොබිටෙල් සමාගම මෙම තරඟවලිය සඳහා අනුග‍්‍රහකත්වය ලබා දී තිබුණි.