බෝට්ටු නොතිබුන මිගමු වැල්ලට දැන් හාල්මැස්සොත් ඇවිත් …..

0
271

wp 1663137590189wp 1663137590151පසුගිය දිනවල බෝට්ටුවක් දකින්නට නොමැතිව පාලුවට ගොස් තිබුන වැල්ල දැන් හාල් මැස්සන් අල්ලාගෙන එන  බෝට්ටු වලින් පිරෙන්නට පටන් ගෙන තිබේ.
තරමක් ල‌ොකු හාල්මැස්සන් කිලෝවක් අද  මිගමු වැල්ලේදි රු 500 ත් 600 කට අලෙවි වෙමින් තිබුණි.
මේ දිනවල හාල්මැස්සන් බහුල වශයෙන් අසු වන්නට පටන් ගෙන ඇතැයි ධිවරයෝ කියා සිටිති.
බුමිතෙල් නොමැති කමෙන් මුහුදු යාමට නොහැකිව තිබුන බෝට්ටු වලට දැන් භුමිතෙල් සිමිත ප්‍රමාණ වලින් ලැබෙන්නට පටන් ගෙන ඇත.
පසුගිය දා ධිවරයන් මාස ගණක අඛණ්ඩ විරෝධතාවයක් පවත්වාගෙන ගොස් තිබුනේ ඉහල ගිය භුමිතෙල් මිළ අඩුකරන ලෙස ඉල්ලා සිටිමිනි.
මුහුදු යෑමෙන් පවා වැලකි සිදුකරන ලද විරෝධයට රජය පැත්‌තෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබි තිබුනේ  නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here