මිගමු නගරාධිපති පවුල් පිටින් රට සවාරියක? ”කොමිස් ” ටුවර් එකක්දැයි සැකයක්?

0
272

මිගමුව නගරාධිපති දයාන් ලංසා යුරෝපයේ පුද්ගලික සංචාරයක් සඳහා පවුල් පිටින් පිටත්ව ගිය බව ඉතාමත් විශ්වාස කටයුතු ලෙසින් දැනගන්නට තිබේ.

මෙය සති තුනකට ආසන්න සුපිරි සවාරියක් බවද සැලය.

නගරාධිපති ප්‍රමුඛ පොහොට්ටු මන්ත්‍රීලා පසුගිය දිනවල මිගමුවේ ඉහලම වානිජ වටිනාකමක් සහිත ඉඩම් කිපයක්ම විකිණිමටත්, බදු දිමටත් කටයුතු කරමින් සිටියහ.

මිගමුව නගර මැද ඇති විශාල වානිජ වටිනාකමක් සහිත තැබැරුම්වත්ත

ඒ මිගමුව නගර මධ්‍යයේ පිහිටි තැබෑරුම් වත්ත සහ දළුවකොටුව ප්‍රදේශයේ ඉඩමකි.

මේවාට එරෙහිව මිගමුවේ බදු ගෙවන ජනයා වෙනුවෙන් පසුගිය මහ සභා රැස්විමේදි බරපතල විවේචනයක් කළ ප්‍රගතිශිලි ආකාරයෙන් විපක්ෂය තුල කටයුතු කරන මන්ත්‍රීන් කීපදෙනාට කුණුහරුප කියා බැන වදිමින් නගරාධිපති දයාන් ලංසා කටයුතු කර තිබුණි.මිට එරෙහිව නාගරික මන්ත්‍රිවරුන් මිගමුව බස් නැවතුම්පල අසලදි පසුගියදා විරෝධතාවයක්ද සංවිධානය කර තිබුණි

එපමණක් නොව මේ මන්ත්‍රීවරුන් පිරිස මහසභා පරිශ්‍රයෙන් ඉවත් කිරිමට පොලිසිය පවා කැදවා තිබුණි. .

හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීරද දයාන් ලංසාගේ මේ ඉඩම් විකිණිමේ කුමන්ත්‍රණයට අද දිගහැර සහය දක්වන්නෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි.

නිමල් ලංසා මේ වන විට ජනාධිපති කාර්යාලයේ වගකිම් රැසක් භාරව කටයුතු කරමින් සිටි.ඇතැම් මාධ්‍ය පවා වාර්තා කර තිබුන අන්දමට නිමල් ලංසාගේ පුත්‍රයා පවා දැන් රාජකාරි කරන්නේ ජනාධිපති කාර්යාලයේය.

කෙසේ වෙතත් නගරාධිපති දයාන් ලංසාගේ මේ සුපිරි සවාරිය ඉඩම් ගණුදෙනුව ට ලැබුන සන්තෝෂමක්දැයි යන සාධාරණ සැකයක්ද මේ වන විට මතුව ති⁣බේ.

දන්නා තරමින් කිසිදු වෙනත් නිල ආදායම් මාර්ගයක් නැති දයාන් ලංසා මේසා දැවැන්ත සුපිරි සවාරියක නියැලෙන්නේ කෙසේදැයි ඇතැම් පොහොට්ටු මන්ත්‍රීවරුන්ම ප්‍රශ්ණ කරමින් සිටිති….