මෙවන් විපතක් වෙන්න ඉඩදෙන්න එපා .ඝාතනය වු ධීවරයාගේ ඥාතින් පවසති.

0
145

මීගමුවේ වෙන කාටවවත් මෙවන් තත්වයක් ඇතිවෙන්නට ඉඩ දෙන්න එපා යැයි ඝාතනයට ලක් වු ධීවරයාගේ ඥාතිහු බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
විශේෂයෙන්ම පොලිසිය නගරයේ නිතිය හා සාමය රැකිමට තවත් මහන්සි ගත යුුතු බවටද අවධාරණය කරති.
අදාල පරික්ෂණ කටයුතු කඩිනම් කර සියළුම මිනිමරුන් නිතිය ඉදිරියට ගෙනඒමට පියවර ගන්නා ලෙසින් මිය ගිය සුමිත්ගේ මව සහ බිරිද මාධ්‍ය හරහා මෙ අයාචනය කර සිටිති.විශේෂයෙන්ම මේ මරණයත් සමගින් මීගමුව නගරයේ නිතියේ ආධිපත්‍ය බිදවැටි ඇති ආකාරය මනාව පිළිබිඹු වන්නේ යැයි නම සදහන් කිරිමට අකමැති කිතුනු පියතුමෙකුද පවසා සිටියේය.
නිතියේ ආධිපත්‍ය බිදවැටිමට මේ කලාපයේ සියළුම දේශපාලකයන් වගකිව යුතු යැයි ජනයා චෝදනා කරති.සංචාරක ව්‍යාපාරය සහ ව්‍යාපාරික කටයුතු හරහා ක්ෂණිත සංවර්ධනයක් කැදවාගෙන ඒමට සැලැසුම් කරන දේශපාලකයන් විසින්ම නිතිය හෑල්ලවට ලක්කිරිමේ ඵලවිපාක දෙසින් අද පාරේ යන අහිංසකයන් ඝාතනය කිරිමට තරම් භායනක තත්වයක් අද මීගමුව තුල වර්ධනය වෙමින් තිබේ.
මෙම මැරයන් මේ අහිංසකයාට පහර දි ඇති ස්ථානයේ සිට මීගමුව පොලිසියට ඇත්තේ මීටර් 100 කටත් අඩුදුරකි. අනෙක් අතින් උසාවි දෙකක් සහ බන්ධනගාරයද පිහිටා ඇති පරිශ්‍රයේදිය.