මාළු වෙළෙන්දෝ වැස්සට තෙමෙනවා අව්වට වේලෙනවා ! ස්වාමිලත් නැ! ලංසලත් නැ !

0
210

රු ලක්ෂ 400 ක වියදමින් රජය විසින් ඉදිකරන්නට යෙදුන මිගමුවේ මාළු වෙළද සංකිර්ණය මේ වන විට කැඩි විනාශ වි ගොස් තිබේ.
එයට මුලිකම හේතුව වි තිබුනේ මුහුද ආසන්නයේ කල්පවතින ලෙසින් මෙම ඉදිකිරිම සිදුකිරිමට එදා නිමල් ලංසා ප්‍රමුඛ ආදල රාජ්‍ය නිලධාරින්ට නොහැකි විම නිසාය.
සංචාරක ව්‍යාපාරය දියුණු කිරිමට යැයි කියා ජයිකා ආධාර යටතේ මිගමුව මහනගර සභාවේ පාලනයට භාර දුන් මෙම මාළු වෙළද සංකිර්ණය නිමල් ලංසා විසින් එදා මිගමුව වැල්ලවිදිය පල්ලියට පවරා ඉන් අනතුරුව තමන්ගේ පියාට එය ටෙන්ඩර මගින් ලබාදිමටද කටයුතු කළ තිබුණ අයුරු මිගමුවේ ප්‍රසිද්ධ රහසකි.
මහනගර සභාවට පැහැදිලි ලෙසින් ආදායම් ලබමින් නිසි පරිදි මෙම මාළු වෙළද සංකිර්ණය නඩත්තු කිරිමට අවස්ථාවක් මේ නිසාම නොලැබි ගිය අතර මේ වන විට මේ මාළු කඩය කැඩි විනාශ වි ගොස් තිබේ.

ඒ විනාශයට මුලික වශයෙන් මග පැදු නිමල් ලංසාද  2021 වසරේ ජුලි මාසයේ දිනක  මිගමුවේ මාළු කඩය අසල වෙරළ තීරය ගැන බලන්නට තවත් ඇමතිවරයෙකු හා මිගමුව පැමිණ තිබිම සැබැවින්ම දෛවයේ සරදමක් වැනිය.

එදා ඔවුන් කිවේ ඉක්මනින් මාළු කඩය හදා දෙන බවය

වෙරළක් කිසිදා පල්ලියකට අයිති නැත. වෙරළ සංරක්ෂණ ඇමති විසින් මුලින්ම කළ යුතුව ඇත්තේ වෙරළේ අයිතිය බේරාගැනිමයි