අවතැන්වුවන්ගේ වුවන්ගේ පාගමන කොච්චිකඩේ සිට පොලිස් ජිප් එකෙන් කොළඹට …..

0
308

උතුරෙන් මුස්ලිම් ජනතාව පලවා හැර වසර 32කට පසු කිලිනොච්චිය, නාච්චිකුඩා මුස්ලිම් සංවිධානය විසින් සංවිධානය කරනු ලබන ‘අපේ අයිතීන් මුදාගැනීමේ අරගලය’ යන තේමාව යටතේ පා ගමනක් පසුගිය 26 වෙනිදා උතුරෙන් ඇරඹුණි

ඔක්තෝබර් 26 වැනිදා කිලිනොච්චි නාචිකුඩාවෙන් මෙම පා ගමනට දෙදෙනෙක් සහභාගී ව සිටි අතර ප්‍රදේශවාසීන් ද ඔවුන් සමඟ ගමන් කර තිබේ.

අද පෙරවරු 9 ට මේ පාගමන මීගමුවට පැමිණිමට නියමිතව තිබුන අතර මිට වසර 32 කට ඉහතදි යාපනයේදි අවැතැන්ව දැන් මිගමුව පදිංචි වි සිටින අය විසින් පා ගමනේ යෙදෙන අයව මිගමුව පෙරියමුල්ලේදි පිළිගැනිමට කටයුතු සුදානම් කර තිබුණි.

වසර 32ක් පුරා අවතැන්ව ඇත් ඔවුන්ගේ නැවත පදිංචි කිරීම් වේගවත්ව සිදුවී නොමැති බවත් යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල මුස්ලිම් ජනතාවට කිසිදු සහනයක් ලබාදී නොමැති බවත් එම සංවිධානය ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් අද පෙරවරුවේ වාර්තා වුවේ මෙම සාමකාමි ⁣පාගමනට සම්බන්ධව සිටින පිරිසව කොච්ච්කඩේ පොලිසිය වෙත රැගෙන ගොස් ඇති බවය.පාගමන එතනින් එහාට යාමට අවසර නොදුන් පොලිසිය මේ දෙදෙනාව පොලිස් ජිප් රථයකින් කොළඹට ගෙන ගොස් තිබුන බව වාර්තා විය.

මෙයට සිය නොසතුට පලකරමින් පෙරියමුල්ලේදි මාධ්‍ය සාකච්ජාවක්ද සංවිධානය කර තිබුණි.

.

ජනාධිපති හමුවී සංදේශයක් බාරදිමට ඔවුන් සැලසුම් කර තිබේ…

මේ අතර ඊයේ දිනයේදිද කාන්තාවන් දෙදෙනෙකු කළුතරදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනේ වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලිමින් පාගමන යෙදි සිටියදිය