මේ දිනවල මිගමුවට මාළු තොග යහමින් ලැබෙමින් පැවතිම නිසාම මාළු මිළ සැලකිය යුතු ලෙසින් පහලට යමින් තිබේ.
මිගමුව දූව පිටිපන වීදියේ ලෙල්ලමේ දි අද දිනයේ බලයා කිලෝවක් රු 500 කටද , කෙවල්ලා කිලෝවක් රු 750 කටද , මුරල්ලා කිලෝවක් රු 250 කට අලෙවි වේ.පොඩි ඉස්සෝ 600 යි .අලුගුඩුවෝ 380යි
කුම්බලා කිලෝවක් රු 480 කටද අලෙවි විය
පසුගිය දින කිපය පුරා මාළු තොග විශාල වශයෙන් ලැබිමත් , වෙළදුන් අඩුවිමත් නිසා මාළු මිළ පහල ගොස් තිබේ.
මේ තත්වය නිසා ව්‍යාපාරිකයන් බරපතල මුල්‍ය අර්බුදයකටද මුහුණ පා ඇතැයි වාර්තා වේ