අඩු කල භුමිතෙල් මිළ ගැන ධිවරයෝ නොසතුට පළකරති !

0
377

රජය රු 10 කින් භුමිතෙල් මිළ අඩු කළ ද ධිවරයන්ගේ ඇත්තේ නොසතුටකි .ඔවුන් කියන්නේ රු 80 ට තිබුන භුමිතෙල් රු 10 කින් මිළ අඩුවුනද ලිටරයක් රු 355 කි.

වෙනදා සතියකට රු 15000 කින් දිනපතා මුහුදු ගියද කරන්නට සිදුවන වියදමට අද එක දිනකට රු 10000 ක් පමණ වැය කරන බවද කියති

මේ දිනවල හාල් මැස්සන් අසු වුවද අඩුම තරමින් තෙල් මුදල පියවා ගැනිමට නම් හාල්මැස්සන් කිලෝ අවම තරමින් 50 ක් පමණ වත් ගොඩට ගෙන ආ යුතු බව කියති.

එහෙත් අද දිනයේ මිගමු වැල්ලේ තිබුන  ඉතා සිමිත බෝට්ටු ප්‍රමාණයට පවා අසුව තිබුනේ කිලෝ 20 ත් 30 ත් අතර ප්‍රමාණයකි.

තෙල් සල්ලි වත් මේ දිනවල පියවෙන්නේ නැති බව ඔවුන් කියා සිටිති.

රජය කළ යුත්තේ තෙල් මිළ දැරිය හැකි ගණනකට අඩුකිරිම මිස වෙනත් කිසිදු විකල්පයක් නැතැයි ඔවුන් කියා සිටිති