රාමසාන් උපවාසය වෙනුවෙන් ඉදෙන කැඳ

0
753

 

ramasanporijj2
රාමසාන් උපවාස කාලය පැවැත්වෙන මෙම කාලයේදී  දිනපතා උපවාසයෙන් පසුව සිදුකරන  යැදුම් අවසන් වූ පසු   කැඳ ආහාරයට ගැනීම ඉස්ලාම් බැතිමතුන්ගේ නිවෙස් වල මෙන්ම දේවස්ථාන වලද සිදුකිරීම උපවාසයේ අංගයකි. මේ අනුව   සකස්කරනු ලැබූ කැඳ  රාමසාන් උපවාසය ආරම්භ වී දෙවෙනි දිනයේදී   මීගමුව ශාන්ත ලාසරස් පාරේ දෙණිය යන ප්‍රෙද්ශයේ පිහිටා ඇති හසනාත් මුස්ලිම් දේවස්ථානයේදී සිදුකරනු ලැබුවා.  මෙම කැඳ සකස්කිරීම  සදහා ප්‍රෙද්ශයේ පරිත්‍යාගශීලීන් ගේ දායකත්වය ලබාදීමත් මහත් අගයකළයුතු කාර්්‍යයක්. මෙවැනි ආර්ථික දුෂ්කරතා ඇති කාලයකදී  කැඳ සකස් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වල මිළත් ඉතා ඉහළ මට්ටමක  තිබෙන අතර  එවැනි කටයුත්තක් සදහා සම්මාදම් වීම මෙම උපාවස කාලයේදී සිදුකරන සද්ක්‍රියාවකි. මෙදින කැඳ දානය වෙනුවෙන් විදේශයේ සිට පැමිනි අබ්දුල්ලා මන්සූරි මහතාද පරිත්‍යාගයක් සිදුකරන ලදී.
ramasanporijj3
ramasanporijj1

එස්.එම්.එස් .මුනිර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here