මිගමුවේ ඩඩ්ලි මාර්කට් එක කඩ දමා වසර 3 යි ?

0
233

ඩඩ්ලි සේනානායක නමින් වු කාමච්චෝඩේ පිහිටි වෙළද පොල ගොඩනැගිල්ල කඩිමුඩියේ වෙළදුන්ටද තග දමා කඩා දැමුවේ මිගමුව නගරාධිපති දයාන් ලංසා විසිනි.
ඒ මිට වසරක 3 කට පෙරය .
මේ නිසාම  දශක ගණනාවක් පුරාවට එහි කඩ පවත්වාගෙන ගිය වෙළදුන් විශාල පිරිසක් මේ වන විටත් අනාථය.
මෙසේ කඩිමුඩියේ කඩා දැමු පසු එය අලුතින් ඉදිකිරිමට මුදල් නැතැයි දැන් නගරාධිපති දයාන් ලංසා සිය ධුර කාලය තුලදිම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණි
ඒ පැවති මහසභා රැස්විමකදිම විමද විශේෂත්වයකි.

නගරසභාවේ ඉදිකිරිම් වලට අදාලව ඇති විවිධ චෝදනා හේතුවෙන් ඉල්ලා තිබුණ රුපියල් මිලියන 400 ක් ණය මුදල ප්‍රතික්ෂේප වි ඇතැයි ඔහු මේ අනුව එදා පවසා ඇත
මේ සම්බන්ධයෙන් අදහස් පළකළ මිගමුවේ ජේෂ්ඨ වෙළද ව්‍යාපාරිකයෙකු කියා සිටියේ ලංසා පවුලේ කොයිවැඩෙත් මේ වගේ තමයි  කියාය.
පසුගිය කාලය තුල මිගමුවේ දියත් කරන්නට යෙදුණු සියළු ව්‍යාපෘතින් පැහැදිලිව සුදු අලින් පමණක් බව ඉතා පැහැදිලි යැයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.
වසර ගණනාවක් යනතුරුත් තවමත් විවෘත කරගැනිමට බැරි වු කාමච්චෝඩේ වෙළද සංකිර්ණය තවත් එක් පැහැදිලිව උදාහරණය බවද ඔහු කියා සිටියේය.මිගමුවෙ බස් නැවතුමේද පහල මාලය හැරෙන්නට ඉහල මාලය කිසිදු ප්‍රයොජනයකට ගත හැකි තත්වයක නැති බවද සැලය.

ඩඩ්ලි මාර්කට් එක කඩා දමා රථගාලක් දාපු නගරාධිපති .

රථගාල…

මීගමුව බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණු කළ හැකි වානිජ නගර වලින් ප්‍රධානතම එකකි.
එහෙත් ඒ සදහා අවැසි දේශපාලන සහ පරිපාලන ශක්‍යතාවය මිගමුවට නොමැති විම බරපතල ගැළුවකි.
මිගමුව යනු ගණිතඥවන් අවැසි තැනට නැට්ටුවන් ලැබුන තැනක් හා සමානය.
එබැවින් කිසිවක් සිදුවන්නේ ප්‍රතිපත්ති හෝ විධිමත් සැලසුම් අනුව නොවේ.
පවුලේ කැමත්ත හා පාලකයාගේ කැමැත්ත ලෙසින් මිගමුව සංවර්ධන ව්‍යාපෘතිවලටද බලපා තිබේ.

මේ නිසාම කාමච්චොඩේ ප්‍රදේශයේ පැවැති මිගමුවේ ප්‍රකට පැරණි වෙළද සංකිර්ණය කඩිමුඩියේ කඩා දැමුනේ එහි නව වෙළඳ සංකීර්ණයක් කඩිනමින් හදනා බව කියමින් වුවුද දැන් එවැන්නක් ගැන කිසිදු සලකුණක් හෝ නොමැත.

මිගමුවට මේ විනාශය සිදුකළ ලංසා පවුලට මිගමුවේ ජනතාව මිට වසරකට පමණ ඉහතචි සිය කෝපය මුදාහැරිය අන්දම අපට මතකය.තතු එසේව තිබියදි මිගමුවට විනාශයක් පමණත් අත්පත් කර දි සිය පවුල පමණක් ගෙඩා දාගත් ලංසාලා වෙනුවෙන් තවමත් කත් අදින කිප දෙනෙකු බුකිය තුල රඟන අයුරු පසුගිය දිනවල හෙළිදරව් වි තිබේ.
මොළේ ඇති අයෙකු නම් ලංසා පවුලට මිගමුවේදි සුදු හුණු ගාන්නට යන්නේ නැත