දායන් ලංසා පස්ස දොරෙන් රිංගා නගරාධිපති පු⁣ටුවේ වාඩිවි කොමසාරිස්ට ⁣බැනවැදිලා ?

0
300

පළාත් පාලන ආයතන විසුරුවා හැරිය පසු අදාල තනතුරු සියල්ල අහෝසි වේ.තතු එසේ තිබියදි මිගමුවේ හිටපු නගරාධිපති දයාන් ලංසා අද පෙරවරුවේ මිගමුව මහ නගර සභාවට පැමිණ නගරාධිපතිගේ නිලකාමරය විවෘත කොට එහි පුටුවේ වාඩිවි ,කොමසාරිස්වරයා සහ ලේකම් කැදවා බැන වැදි ඇතැයි වඩාත් විශ්වාස කටයුතු ලෙසින් වාර්තා වි තිබේ.

සිය පියා විසින් පවත්වාගෙන යන බිච් පාක් එකට අවැසි පහසුකම් ප්‍රමාණවත් ලෙසින් සපයා නොදිම සහ තවත් කරුණු මුල් කොට ගෙන මෙම බැන වැදිම් සිදුකර ඇතැයි සැලය.

මිගමු තුල ක්‍රියාත්මක මදාවි පාලනය තවමත් ක්‍රියාත්මක බව මේ නීති විරෝධි වැඩවලින් යළි යළිත් ඔප්පු වෙමින් තිබේ.