ස්පා ආයතනයකට ඇතුළු වූ පස්දෙනෙකු තරුණියකට තිරිසන් ලෙස පහරදෙයි

0
896

 

අප්‍රේල් 16 වනදා මිගමුව කුරණ ප්‍රදේශයේ  පිහිටි ස්පා ආයතනයකට පැමිණි  පුද්ගලයන් 05 දෙනෙකු  එම ස්ථානයට ඇතුලු වී කප්පම් මුදල් මංකොල්ලකැමට උත්සාහා කර ඇති අතර එම ස්ථානයේ සිටි තරුණියන් දෙදෙනෙකුට හෙල්මට් එකකින් පහරදී තිබේ.  මෙම සිදුවීම සිදුවී ඇත්තේ 16 වනදා 5.20 ට පමණ වන අතර මෙම පුද්ගලයන් මෙම ස්පා ආයතනය ඇතුළට ඇතුළ්වී මුදල් උදුරාගැනීමේ උත්සාහයක යෙදෙමින්  යම් කලබලයක් සිදුකර ඇති අතර  එම ස්ථානයේ සිටි කාන්තාවන් බියගන්වමින් පහරදිමට පටන් ගෙන ඇත. එම් අවස්ථාවේදී පහරකෑමට ලක්වූ තරුණිය එලියට පැමිණ ඇති අතර එහිදී එම පුද්ගලයන් මෙම තරුණිය  වටකරගෙන පහර දී තිබේ. මෙම ම්ලේච්ඡ හා නීති විරෝධී ක්‍රියාව  එම ආයතනයේ ආරක්ෂක කැමරා වල පැහැදිලිව සටහන් වී ඇති අතර මුහුණට, කණට හා හිසට බරපතල ලෙස තුවාල ලැබූ තරුණිය මීගමුව රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාතිබේ. මෙම සිදුවීමට සම්බන්ධ වින්ඳිත පාර්ශවයේ තොරතුරු වලට අනුව මේ වනවිට මෙම සිද්ධියට සම්බන්ධවූ පුද්ගලයින් දෙදෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇති අතර  ඉතිරි  පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන නොමැති බවත් වාර්තා වේ.
බරපතල ලෙස පහරකෑමට ලක්වූ තරුණියගේ දෙනෙත් වල මේ වනවිට  යම් ආබාධයක් ඇතිවී ඇති අතර ඇයගේ කණට මෙන්ම , හිසටද පහරදී ඇති බව ඔවුන් පවසයි.