චමිලා සැකකාර වෛද්‍යවරයා සමගින් විදුලි සෝපානය ලග සිටියා-සාක්ෂිකාරියක්

0
104

මීගමුව රෝහලේ දී මීට වසර 06 කට පමන පෙර එනම් 2007 වසරේ නොවැම්බර් 12 දින නව රෝහල් ගොඩනැගිල්ලේ 06 මහලේ සිට බිමට දමා ඝාතනය කරන ලද චමිලා නැමැති ඇගළුම් කම්හල් සේවිකාවගේ මරණය සම්බන්ධයෙන් පවත්වන නඩු විභාගය අද දිනයේත් (2013/04/30) මීගමුව මහාධිකරණයේදී පැවැත්විණි.
ඒ මීගමුව මහාධිකරණ විනිසුරු එම්.එම්.ඒ. ගෆුර් මහතා ඉදිරියේදීය. ඒ අනුව අද දින මෙම මරණය සම්බන්ධයෙන් මහාධිකරණයේදී සාක්ෂි සැපයුවේ එවකට මීගමුව රෝහලේ සේවකයෙකු ලෙස සේවය කරමින් සිටි , මෙම මරණය සිදු වූ දින රෝගීන් සදහා තුන්ඩු නිකුත් කල කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටින නිමල් කැමිලස් නැමැත්තෙකි.
එලෙසම දංකොටුව ප්‍රදේශයේ පදිංචි කහද ස්වර්ණලතා නැමැති කාන්තාවකද අද දින මහාධිකරණයේදී සාක්ෂි ප්‍රකාශ කලාය. මෙම කාන්තාව මෙදින ඝාතනයට ලක් වු චමිලා සහ ඇයගේ ඝාතනයට සම්බන්ධ සුදර්ශණ බාලගේ නැමැති මෙම සැකකාර වෛද්‍යවරයා සමගින් විදුලි සෝපානය අසල රැදී සිටි්නු දැක ඇත. ඒ බව අද දින ඇය විසින් මහාධිකරණය හමුවේ කල සාක්ෂි දීමේදී ප්‍රකාශ කලාය. මේ අනුව මහාධිකරණ විනිසුරුවරයා විසින් නැවත මෙම නඩුව ලබන මස එනම් මැයි මස 06 වැනි දිනට කල් තැබුනු අතර සැකකාර වෛද්‍යවරයාව එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද නියෝග කලේය.