අන්සාර් සේවකයින් විසින් විනාශ කළ ජීසස්ගේ ජීවිතයට සාධාරණ වන්දියක් ලැබෙයි ද ??

0
314

2011 අගෝස්තු මස 25 වනදා මීගමුව පෙරියමුල්ලේ පිහිටි අන්සාර් හෝටලයේ සේවකයන් අතින් පහරකෑමට ලක්වූ ජීසස් ඩෙනීෂියස්ට වන්දි ලබාගැනීමේ නඩුව අද  (මැයි 31) මීගමුව දිසා අධිකරණයේදී පැවැත්විණි. 2011 වර්ෂයේදී අවුරුදු 15 ක් වයසැති පාසල් සිසුවෙකුව සිටියදී මෙම පහරකෑමට ලක්වූ ජීසස් ඩෙනිසියස් අද වයස අවුරුදු 28 වියැති තරුණයෙකු වන අතර මෙම වන්දී නඩුවට අදාළ සාක්ෂි අද මීගමුව දිසා අධිකරණයේදී   ඔහුගෙන් ලබාගන්නා ලදි.

ජීසස් ඩෙනීෂියස් ඒ  වන විට අධ්‍යාපනය හදාරමින් සිටියේ මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේය. අධ්‍යාපනයට මෙන්ම පාපන්දු හා මලල ක්‍රිඩාවට විශේෂ දක්ෂතා පෙන්නුම් කළ ජීසස් ජෙනීසියස් එවකට ජුපිටර්ස් ක්‍රීඩා සමාජයේ අවු,15 න් පහළ කන්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරමින් සිටියේය

This image has an empty alt attribute; its file name is %E0%B6%A2%E0%B7%93%E0%B7%83%E0%B7%83%E0%B7%8A-1.jpg

ජීසස් මෙම අනතුරට මුහුන දීමට පෙර ඔහුගේ පාසල් කාලය තුළදී ඔහු ලබාගත් ක්‍රීඩා ජයග්‍රහණ මෙන්ම වෙනත් ජයග්‍රහණ ,දක්ෂතා පිළිබදව විශේෂ අවස්ථා ඔහු වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. එමෙන්ම මෙම පහරදීමෙන් පසු ජීසස්ගේ හිසට සිදුවී ඇති බරපතල හානිය හේතුවෙන් මේ වනවිට ආබාධිත තත්ත්වයට ජීසස් පත්ව ඇති ආකාරය සම්බන්ධයෙන්  නීතීඥ මහතා නගන ලද ප්‍රශ්න වලට ජීසස් පිළිතුරු දෙන ලදි.  මෙම පහරකෑමෙන් පසු උසස් පෙළ විභාගයට පෙනීසිටීමට නොහැකිවීමත්, කිසිදු රැකියාවක් කර ගැනීමට නොහැකිව,දෙමව්පියන්ගේ ආධාරයෙන් ජීවත්වන්නට සිදුවී ඇති තත්ත්වය අධිකරණය හමුවේ දි ජීසස් වෙනුවෙන් පෙනීසිටින නිතිඥ මහතා කරුණු දක්වමින් අවධාරණ කලේය.

This image has an empty alt attribute; its file name is jesus-1.jpg

.ඒ අනුව මෙම සිදුවීම හේතුකොට සදාකාලික ආබාදිතයෙකු බවට පත්වී ඇති ජිසස් ඩෙනීසියස් වෙනුවෙන් රැපියල් ලක්ෂ එකසිය පනහක් , නඩු ගාස්තුද ඇතුලුව ලබාදෙන ලෙස විත්තියේ පාර්ශවය විසින් වගඋත්තරකරුවන්ගෙන් ඉල්ලා අධිකරණයට පැමිණිල්ලක් ගොනුකර ඇති බව නීතිඥවරයා දැනුම් දෙන ලදී. අන්සාර් හෝටලයේ සේවකයන් විසින් ජීසස් ඩෙනීසියස්ට පහරදීම සම්බන්ධව වන්දි නඩුව (14/239/m) නැවත ඔක්තෝම්බර් 17 වනදාට කැඳවිමට නියමිතය.  ජිසස් ඩෙනීෂියස් ට සිදුවූ අසාධාරණයට වන්දි ලබාගැනීමේ නඩුවට  නීතිඥ නිධාංජනී ප්‍රනාන්දු මහත්මියගේ උපදෙස් මත ජේ්‍යෂ්ඨ නීතිඥ කීර්ති ද  සිල්වා මහතා පෙනී සිටියේය

සැත්කමින් පසු ජීසස්

ජීසස් සිය මව සමගින්