අාණ්ඩුවට පන්දම් අල්ලන විපක්ෂයේ, පන්දම් පෙරහැර මැයි 9වනදා??

0
347

මීගමුවේ විපක්ෂයේ සිටින 9 දෙනාගෙන් අතිබුහතරයක් දෙනා නිමල් ලංසා ඇමැතිවරයා ප්‍රමුඛ මීගමුවේ ආණ්ඩු පක්ෂයට දිවි හිමියෙන් පන්දම් අල්ලන්නන් බව අප අවස්ථා කිපයදිම හෙළිකළෙමු.
මේ පන්දම් පාළියේ ඉදිරියෙන්ම සිටින්නේ වැඩ බලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩිය.ඔහු කලින් මුදල් කාරක සභාවේ විපක්ෂය නියෝජනය කළ මන්ත්‍රිවරයාද වෙයි.ඒ ඔහු විසින් ඒ වන විටත් පෙන්වා තිබුණු කිකරු කමට නිමල් ලංසා පාලනය විසින් දායදය කළ තිලිණියයි.
තම ඇත්ත හාම්පුතා වු නිමල් ලංසා වෙනුවෙන් ඔහු සිය මුදල් කාරක සභා කාල සිමාව තුලදි උපරිමයෙන් සේවය කළේය.
එනම් ආණ්ඩුවේ සියළුම ජනතා විරෝධි ක්‍රියාවන්හිදි කැලිසන්   මීක් ගෑෙව් නැත.ජනතාව වෙනුවෙන් ඔහු කළ එකදු යෝජනවාක් හෝ ජනතා විරෝධි යෝජනාවලට එරෙහි වු එකදු අවස්ථාවක්ද නැති බව අප ඉතා වගකිමෙන් කියා සිටිමු.
දැන් එ් කටයුත්ත භාරව ඇත්තේ නස්මියාර් මන්ත්‍රිවරයාටය.ඔහු කැලිසන්ට දෙවනි නැත.මේ සියල්ලෝ ඇත්තටම සේවය කරන්නේ මිගමුවේ බදුගෙවන ජනතාවට නොවේ.
කැලිසන් ජයකොඩි ගේ දුවගේ නිවස හදන්නට පලාත් සභා වාහන වලින් සිමෙන්ති එන්නේ මේ නිසාය.මීගමුවේ දරුවන්ගේ අධ්‍යාපනය සදහා වුු පොත් පත් වෙනුවෙන් ලක්ෂ 75 ක පොත් ටෙන්ඩරය වැඩිම මිළ ඉදිරිපත් කර තිබුනද සජිත් මෝහන්ට ලැබෙන්නේ මේනිසාය. මෙයට ගෙවන වන්දියක් ලෙසින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රින් මේ වෙන්කළ මුදලින්   පොත් අරන් ඉතිරු ටිකකට සල්ලි ගන්නට පුලුවන් මන්ත්‍රිතුමා යැයි සජිත් මෝහාන් විසින්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට කියා ඇත්තේත් මේ නිසාය. අප අමතා කථා කළ ඇතැම් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් ට සජිත් එසේ යෝජනා කර අතැයි පැවසිය.
ඒ අනුව යමින් ලක්ෂ 8 ක පොත් වෙනුවට ලක්ෂ තුනාමාරක පමණක් පොත් ගෙන ඉතිරිය මුදලින් ගත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් සිටින බව  අප දැනටමත් හෙළිකර අැත්තෙමු.
එපමණක් ද නොව දරුවන්ට දෙන්නට ගත් පොත් කඩවලට විකුණු මන්ත්‍රිලාද ආණ්ඩුවේ සිටිති. සජිත් මොහාන් මන්ත්‍රිවරයාට අවශ්‍ය වුයේ තමන්ගේ පොත් කඩ ව්‍යපාරය වෙනුවෙන් කෙසේ හෝ මේ ටෙන්ඩර්ය ලබාගැනිම විනා මීගමුවේ දරුවන්ට  වෙන්වු හැම රුපියලකින්ම පොත් ලබාදිම නොවේ.ා
එසේ ඇත්ත උවමනාවක් ඔහුට තිබුනේ නම් පොත් විකුණු මන්ත්‍රිවරුන් කව්දැයි අප හෙළිකරන්නට කලින් සජිත් මෝහාන් එය මීගමුවේ ජනතාව වෙනුවෙන් කළ යුතුව  තිබුණි.
නාගරික මන්ත්‍රි රවි ජිවානන්ද අප විසින් කළ හෙළිකිරිම් දිරවා ගත නොහැකිව අපට නඩු දමනවා යැයි පුරසාරම්ද කියවා තිබුණි.
දියණියන්ගේ මගුල් ගෙවල්වලට පමණක් නොව පාරවල් පිට්ටනි ඒ සියල්ලටම වැඩි ප්‍රමුඛතා ලංසා පාලනයෙන් රවිලාට ලැබෙන්නේ නිකම්ම නොෙව්.
නිදසුනක් ලෙසින් මේ වසරේ පාරවල් ඇතුළු අනෙකුත් නඩත්තු කටයුතු වෙනුෙවන් වු වෙන්කල ලක්ෂ 75 මුදලන් ලක්ෂ 65 ක්ම දැනටමත් අවසන්ව ඇත.
ඉන් ප්‍රතිලාභ ගත් අය අතර රවිලා නස්මියාර්ලා සජිත් ලා නැද්ද???
මේ සියල්ල ගැන විමසා බලද්දි  අපට මේ සම්බන්ධයෙන් මීගමුවේ එජාප අාසන සංවිධායක දොස්තර ජයලත් ජයවර්ධන මහතාගෙන් අසන්නට වන්නේ කැලිසන් ජයකොඩි ඇතුළු විපක්ෂයේ ආණ්ඩුවට පන්දම් අල්ලන මන්ත්‍රිවරුන්6 දෙනා වඩාත් කිකරු ඔබටද නැතිනම් නිමල් ලංසාටද කියාය.
කෙසේ වෙතත් මේ පන්දම් කාරයන් විපක්ෂයේ සිටිනා තාක් කල් මීගමුව ලංසාගෙන් ගලවා ගනු බොරුය.
ඇත්ත තතු එසේ තිබියදි වැඩිකළ විදුලි බිලට එරෙහිව කැලිසන් ජයකොඩිලා පන්දම් අල්ලාගෙන මහසභා රැස්විමට පැමිණිමට ඇති සුදානමක් ගැන සැලය.
කැලිසන්ලාට මීගමුවේ බදු ගෙවන ජනයා වෙනුවෙන්  කරන්නට එක යෝජනාවක් ඇත.
එනම් මීළග මහසභාවට පන්දම් අරගෙන එන්නේ නම් රෙදි නැතිව මහ සභාවට පැමිණෙන ලෙසය.මන්ද  බදුගෙවන ජනයා ලංසා පාලනය වෙනුවෙන් පවා දුන් මේ විපක්ෂයේ 6 දෙනාගේ රෙදි දැනටමත් ගැලවි අැති නිසාය.